එක කාන්තාවක් වෙනුවෙන් දවසකට සත 60යි ලු

(රංජිත් ගුණවර්ධන) ශ්‍රී ලංකාවේ සමස්ථ ජනග්‍රහණයෙන් සියයට පනස් එකකට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් නියෝජනය කළත් 2018 වසරේ අයවැය යෝජනාවලිය මගින් එක් කාන්තාවකගේ සුබ සාධනය සදහා දිනකට වෙන් කොට ඇත්තේ ශත 8 ක…
(රංජිත් ගුණවර්ධන)
ශ්‍රී ලංකාවේ සමස්ථ ජනග්‍රහණයෙන් සියයට පනස් එකකට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් නියෝජනය කළත් 2018 වසරේ අයවැය යෝජනාවලිය මගින් එක් කාන්තාවකගේ සුබ සාධනය සදහා දිනකට වෙන් කොට ඇත්තේ ශත 8 ක මුදලක් පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්ත සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දෙයි.
2018 වසරේ අයවැය යෝජනාවලිය මගින් කාන්තා කටයුතු අමාත්‍යංශයට වෙන් කොට ඇති මුදල රුපියල් කෝටි 300ක් පමණක් වන අතර එම මුදල සමස්ථ කාන්තාවන්ගෙන් බෙදුවාම ඒක කාන්තාවකගේ සුභ සාධනය සදහා වසරකට වෙන් වන්නේ රුපියල් 30කට අසන්න මුදලක් බව ද රාජ්‍ය ඇමතිනි සුධර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි.