අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එක්සත් නව මාධ්‍ය සංසදය එළි දකී

එක්සත් නව මාධ්‍ය සංසදය එළි දකී

ඒකාධිපති වියරුවට එරෙහිව සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් කිරීම අරමුණයි විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමන්විතයි සටන මෙහෙය වන්නේ තරුණියන් සිව් දෙනෙක් ජනමාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනීමේ අයිතිය, සමාජ…

ඒකාධිපති වියරුවට එරෙහිව සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් කිරීම අරමුණයි 

විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමන්විතයි

සටන මෙහෙය වන්නේ තරුණියන් සිව් දෙනෙක්  

එක්සත් නව මාධ්‍ය සංසදය එළි දකී

ජනමාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනීමේ අයිතිය, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු ජනමාධ්‍යවේදීන්ගේ රැකවරණය, අයිතීන් සහ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටිමින් දුෂණයට භීෂණයට සහ මර්දනයට එරෙහිව සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් කිරීම සඳහා "එක්සත් නව මාධ්‍ය සංසදය" යනුවෙන් නව සමාජ ව්‍යාපාරයක් ගොඩනගනු ලැබ තිබේ. 

කිසිම දේශපාලන පක්ෂයකට, කණ්ඩායමකට හෝ බලවේගයකට ළබැඳියාවක්-ගැති භාවයක්-සම්බන්ධයක් නොමැති ස්වාධීන සහ අපක්ෂපාතී වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු ජනමාධ්‍යවේදීන්ගෙන් ද, ජනමාධ්‍ය වෘත්තිකයන්ගෙන් ද, විශ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරුන්ගෙන් ද, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ද, උගතුන්ගෙන් ද, බුධිමතුන්ගෙන් සහ කලාකරුවන්ගෙන් ද සමන්විත මෙම නව සමාජ මාධ්‍ය ව්‍යාපාරය විද්වත්, විචාරශීලී සහ විවෘත බුද්ධි වේදිකාවක් හෙවත් ජාතික බුද්ධි මණ්ඩපයක් ලෙස ද පෙරටුගාමී ව ක්‍රියා කරයි.

දැන්වීම

ජනමාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනීමේ අයිතිය, භාෂණයේ නිදහස, ලේඛනයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, මානව අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම්, බහු සංස්කෘතික වටිනාකම් ප්‍රවර්ධනය, ආගමික නිදහස, දේශපාලන නිදහස, ආර්ථික යුක්තිය, සමාජ ප්‍රතිසංස්කරණ, සමාජ වගකීම්, සමාජ නීති සම්පාදනය, සමාජ සාධාරණත්වය, සමාජ සමානාත්මතාව, සමාජ පහසුකම්, සමාජ යථාර්ථය, පරිසරයට එරෙහි දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ විශේෂයෙන් ජාතීන් අතර සහජීවනය ඇතුළු ප්‍රජාතන්ත්‍රීය සංකල්පවලට අදාළව නව ගෝලීය ප්‍රවනතා ආදිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු ජනමාධ්‍ය ප්‍රජාව සේම පොදු මහා ජනතාව පුළුල් ලෙස දැනුමෙන් සන්නද්ධ කරවා සවිඥානික කිරීමෙන් ඒ සියලු දෙනාගේ ජනමාධ්‍ය, ප්‍රජාතන්ත්‍රීය, දේශපාලන, සමාජ සහ ආර්ථික සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම මෙම නව සමාජ මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රමුඛ දැක්ම වේ.

එකී සංකල්ප මගින් පැහැදිලි කෙරෙන කරුණු කාරණා, අදහස් සහ යෝජනා සිය අයිතීන් වගේම වගකීම් සහ වගවීම් බව අවබෝධ කරවා ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු ජනමාධ්‍ය ප්‍රජාව සේම මහා සමාජය පෙළ ගස්වන අතර ඒ ඔස්සේ සිය අයිතීන්, වගකීම සහ වගවීම වෙනුවෙන් සෘජුව ප්‍රතිචාර දක්වන්නා වූ ද, දේශපාලන පක්ෂවලට ද, පටු න්‍යාය පත්‍ර සහිත ජනමාධ්‍ය ආයතනවලට ද, ජාතිවාදීන්ට සහ ආගම්වාදීන්ට ද, සිය න්‍යාය පත්‍ර අනුව මෙහෙය විය නොහැකි දුෂණයට, භීෂණයට සහ මර්දනයට එරෙහි ස්වාධීන, අපක්ෂපාතී සහ විචාර ශීලී සිවිල් ජන සමාජයක් ගොඩනැංවීම ද එක්සත් නව මාධ්‍ය සංසදයේ අරමුණු අතර වේ. 

සියලු ජාතීන් සහ සියලු ආගමිකයන් එකට ඒකරාශී කර ගෙන දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම රැඩිකල් පෙරළියක් සිදු කරමින් රට ආර්ථික වශයෙන් දියුණු කර ස්වදේශික ජනයා සවි බල ගන්වා රටක් ලෙස ශ්‍රී ලංකාව ස්වාධීන, ස්වෛරී සහ දියුණු ජාතික රාජ්‍යයක් වශයෙන් ගෝලීය දේශපාලන ආර්ථික සමාජ සංදර්භයේ අභිමානවත් ලෙස ස්ථාන ගත කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජාතික මට්ටමේ පුළුල් සහ විවෘත සංවාදයක් ගොඩ නගමින් ඊට අදාළව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු ජනමාධ්‍ය ප්‍රජාව සහ මහ ජනයා දැනුවත් කර ඒ වෙනුවෙන් ඒ සියලු පාර්ශ්වයන් එකට ඒකරාශී කර පෙළ ගැස්සවීම ද අපේක්ෂා කෙරේ. 

එම ජාතික අරමුණ සාක්ෂාත් කර ගැනීමේ දී ඊට එරෙහිව අතිශය සියුම් ලෙස නැගී එන ජාතික සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ද, බලපෑම් ද, උපාය උපක්‍රම සේම පීඩනයන් ද එළැඹි සිහියෙන් මනා කොට හඳුනා ගෙන ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු ජනමාධ්‍ය ප්‍රජාව සහ මහා සමාජය හැකි අයුරින් සේම උපරිම ශක්ති ප්‍රමාණයෙන් අඛණ්ඩවම සවිඥානික කරන අතර එම සියලු අභියෝග ජනමාධ්‍ය ආචාර ධර්මානුකූල ව ද, උපක්‍රමිකව ද, රාජ්‍ය තාන්ත්‍රිකව සහ ක්ෂුද්‍ර ලෙසද ජය ගැනීම සඳහා අවශ්‍ය සංකල්පීය, න්‍යායික සහ ප්‍රායෝගික දැනුම ගොනු කර අභ්‍යාස කිරීමට ද කටයුතු කරන බව එක්සත් නව මාධ්‍ය සංසදයේ සභාපතිනී සචිනි නවෝධ්‍යා මෙනවිය "lankanewsweek" සමග පැවැසුවාය. 

රට-ජාතිය සහ ජාත්‍යන්තරය ජය ගැනීමට අදාළව පුළුල් සහ විවෘත මනසකින් යුතුව සංවාද කරමින් ගොනු කරනු ලැබූ එම සංකල්පීය, න්‍යායික සහ ප්‍රායෝගික දැනුම පදනම් කර ගෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු ජනමාධ්‍ය ප්‍රජාව සහ මහ ජනයා සවි බල ගන්වා රට ගොඩනැගීමට දායක වන අතර ඊට අදාළව අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා රජයට, විපක්ෂයට සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සේම නොකරන සියලු දේශපාලන පක්ෂවලට සේම නායකයින්ට ද බල කර සිටීම ද සිදු කෙරෙනු ඇති බව ඇය වැඩි දුරටත් පවසන්නීය.

එක්සත් නව මාධ්‍ය සංසදයේ ප්‍රධාන අනුශාසකවරයා ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ක්‍රියා කරනු ඇති අතර උපදේශකවරුන් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුවේ, කළමනාකරණ පීඨයේ නිර්මාතෘ සහ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යන අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපර්තම්නේතුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා යන මහත්වරු කටයුතු කරති.

එක්සත් නව මාධ්‍ය සංසදයේ  කැඳවුම්කරු ලෙස සුජිත් මංගල ද සිල්වා ද, මහා ලේකම්වරිය ලෙස ශානිකා ශිරෝමාලි ද, භාණ්ඩාගාරිකවරිය ලෙස එරන්දි අනුරාධා සුභසිංහ ද, ජාතික සංවිධායක ලෙස අචින්ත මදුර සමරසිංහ ද, ජාත්‍යන්තර කටයුතු-සබඳතා පිළිබඳ ලේකම්වරයා ලෙස සුදත් බේරුගොඩ ආරච්චි ද, ප්‍රචාරක ලේකම්වරයා ලෙස සමිත් ඉසුරංග ද, සම ජාතික සංවිධායකවරයා ලෙස හේෂාන් සම්පත් ද, උප සභාපති ලෙස ගීත් තාරුක මුණසිංහ ද, උප ලේකම්වරිය ලෙස ලුම්බිණි ප්‍රමෝධ්‍යා ද යන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කටයුතු කරන බව සචිනි නවෝධ්‍යා මෙනවිය පැවැසුවාය.   

එක්සත් නව මාධ්‍ය සංසදය එළි දකී

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
එක්සත් නව මාධ්‍ය සංසදය එළි දකී | Lanka Newsweek