අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ ආශීර්වාදයත් එජාපයට අහිමි වෙයි..!

එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ ආශීර්වාදයත් එජාපයට අහිමි වෙයි..!

භික්ෂූන් වහන්සේලා නොසලකා හැරලා..! බෝපිටියේ ධම්මිස්සර නා හිමි කලකිරෙති..! භික්ෂූ පෙරමුණ අවුරුදු තුනකින් කැඳවා නැහැ..! අගමැති-එජාප සභාපති-මහ ලේකම් හමුවෙන්න අවස්ථාවක් නැහැ..! එජාපය මහ සංඝ රත්නයට සලකන…

භික්ෂූන් වහන්සේලා නොසලකා හැරලා..!

බෝපිටියේ ධම්මිස්සර නා හිමි කලකිරෙති..!

භික්ෂූ පෙරමුණ අවුරුදු තුනකින් කැඳවා නැහැ..!

අගමැති-එජාප සභාපති-මහ ලේකම් හමුවෙන්න අවස්ථාවක් නැහැ..!

එජාපය මහ සංඝ රත්නයට සලකන හැටි ගැන හෙළි කරන්න යයි..!

එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ ආශීර්වාදයත් එජාපයට අහිමි වෙයි..!

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේත්, එම නිලධාරීන්ගේ සහ මැති ඇමැතිවරුන්ගේත් ක්‍රියා කලාපයට එරෙහිව දැඩි පියවරක් ගැනීමට එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සුදානමින් සිටිති.

ඊට හේතු වී තිබෙන්නේ බලයට පත් වුණාට පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන් සහ බොහෝ මැති ඇමතිවරුන් එක්සත්  ජාතික භික්ෂු පෙරමුණ සම්පූරණයෙන්ම නොසලකා හැර තිබීමය.

එක්සත් ජාතික භික්ෂූ පෙරමුණ කැඳවා,2015 ජනවාරි 08 ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වී ක්‍රියා කළ භික්ෂූන් වහන්සේලාට ස්තුති කර එම භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම්,ප්‍රශ්න සහ අවශ්‍යතා පිළිබඳව කරුණු සොයා බලන ලෙස එම පෙරමුණේ සභාපති සියම් ශ්‍යාමෝපාලික වංශික මහා නිකායේ මල් වතු පාර්ශ්වයේ රයිගම් සල්පිටි දෙකෝරළයේ ප්‍රධාන සංඝ නායක බෝපිටියේ ධම්මිස්සර නා හිමියන් අවස්ථා ගණනාවකදීම  කළ ඉල්ලීම් සියල්ල එක්සත් ජාතික පක්ෂ බලධාරීන් සම්පූර්ණයෙන්ම නොතකා හැර ඇතැයි එම පෙරමුණේ  භික්ෂූන් වහන්සේලා පෙන්වා දෙති.

බෝපිටියේ ධම්මිස්සර නා හිමියන් මේ ඉල්ලීම් කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් සහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ බලධාරීන්ගෙනි.

එක්සත් ජාතික භික්ෂූ පෙරමුණ අවසාන වතාවට රැස් කර තිබෙන්නේ 2015 සැප්තැම්බර් මාසයේදී වන අතර එදා සිට මේ දක්වාම එම පෙරමුණේ භික්ෂූන් වහන්සේලා කැඳවා එම භික්ෂූන් වහන්සේලාගේ සැප සනීප ගැනවත් විමසීමට එක්සත් ජතික පක්ෂයේ නායකයා ප්‍රධාන බලධාරීන් කාරුණික වී නොමැති බව එම භික්ෂූන් වහන්සේලා අවධාරණය කරති.

මේ තත්ත්වය හමුවේ එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ සභාපති සියම් ශ්‍යාමෝපාලික වංශික මහා නිකායේ මල් වතු පාර්ශ්වයේ රයිගම් සල්පිටි දෙකෝරළයේ ප්‍රධාන සංඝ නායක බෝපිටියේ ධම්මිස්සර නා හිමියෝ දැඩි අපහසු තාවයකට සහ අතිශය කලකිරීමට පත්ව සිටිති.

ඒ අනුව 2015 ජනවාරි 8 ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වී ක්‍රියා කළ භික්ෂූන් වහන්සේලාට අත්ව තිබෙන ඉරණම,එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා කලාපය සහ එම පක්ෂයේ නායකයින් මහ සංඝ රත්නය කෙරෙහි දක්වන අකෘතඥ භාවය පිළිබඳව රට ජනතාව හමුවේ කරුණු හෙළිදරව් කිරීමට බෝපිටියේ ධම්මිස්සර නා හිමි ප්‍රධාන භික්ෂූන් වහන්සේලා පිරිසක් සුදානමින් සිටිති.

එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ ආශීර්වාදයත් එජාපයට අහිමි වෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ ආශීර්වාදයත් එජාපයට අහිමි වෙයි..! | Lanka Newsweek