එකම විකල්පය සජිත්-රනිල්ගේ උපදේශක ආශු කියයි

විපක්ෂයේ වැඩිම බලය සජබයට ඊළඟ ජනපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් රනිල්ගේ ආශීර්වාදය අවශ්‍යයි නායකයින් දෙදෙනා එකට එක්ව තීන්දුවක් ගත යුතුයි එජාපය-සජබය එක් කිරීමට සජිත් ගත් තීන්දුවට ආචාරය..! 2029 වර්ෂයේ…
විපක්ෂයේ වැඩිම බලය සජබයට
ඊළඟ ජනපති අපේක්ෂකයා විය යුත්තේ සජිත්
රනිල්ගේ ආශීර්වාදය අවශ්‍යයි
නායකයින් දෙදෙනා එකට එක්ව තීන්දුවක් ගත යුතුයි
එජාපය-සජබය එක් කිරීමට සජිත් ගත් තීන්දුවට ආචාරය..!
2029 වර්ෂයේ විපක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා විය යුත්තේ සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බව හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා අවධාරණය කර සිටියි.
විපක්ෂයේ වැඩිම බලය ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට බව පෙන්වා දෙන මහාචාර්ය ආශු මාරසිංහ මහතා එම නිසා එක්සත් ජාතික පක්ෂය සිය පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා එම පක්ෂය සමග එකට එක් විය යුතු යැයි ද කියා සිටියි.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එකතු කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගත් තීන්දුව ගැන සිය අතිශය ප්‍රසාදය පළ කරන ආශු මාරසිංහ මහතා තමා එදා සිටම සිටී ස්ථාවරය වන්නේ මේ පක්ෂ දෙක එකට එක් විය යුතු බව යැයි ද සඳහන්කරයි.
දැන්වීම
එක්සත් ජාතික පක්ෂ නායකයින් සහ පාක්ෂිකයින් සියලු දෙනා නැවත මහා ගෙදරට පැමිණ රටේ සහ එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ පොදු සතුරාට එරෙහිව සටන ආරම්භ කළ යුතු යැයි ද මහාචාර්ය ආශු මාරසිංහ මහතා තරයේ කියා සිටියි.
රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන දේශපාලන නායකයින් දෙදෙනා එකට එක්ව රට-ජනතාව වෙනුවෙන් මේ තීන්දුව ගත යුතුව තිබෙන අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශීර්වාදය මේ සඳහා අතිශය වැදගත් බව ද ඔහු ගිය මාර්ගයේ ගමන් කළ හොත් රටත් ජනතාවත් නගා සිටු විය හැකි බව ද ආශු මාරසිංහ මහතා අවධාරණය කර සිටියි.