එංගලන්තයට ලකුණු 31ක ජයක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 31කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක…
ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 31කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය.
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.
මෙහිදී ජෝ රූට් ලකුණු 71ක් රැස් කළ අතර නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඔයින් මෝගන් ලකුණු 92යි. එංගලන්ත ක්‍රීඩකයෝ පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 278ක් රැස් කළහ.
මෙහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පන්දුවාර 10කදී එක් නිලකුණ පන්දුවාරයක් ද සමගින් කඩුලු 5ක් දවා ගත්තේ ලකුණු 44 ටයි.
පසුව පිටියටේ පැමිණි ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 279ක ඉලක්කයක් හිමි විය. එහිදී ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 31 කදී බිඳ වැටිණි.
කුසල් ජනිත් ලකුණු 30යි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 140ක් රැස් කර ගෙන සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල විය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1