අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඌව මහා ඇමති මානව හිමිකම් කොමිසමට..!

ඌව මහා ඇමති මානව හිමිකම් කොමිසමට..!

(හේමන්ත තුසිත කුමාර) බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි ආර් භවානි මහත්මිය දණ ගැස්සවී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක…

(හේමන්ත තුසිත කුමාර)

බදුල්ල දෙමළ බාලිකා මහා  විද්‍යාලයේ විදුහල්පතිනි ආර් භවානි මහත්මිය දණ ගැස්සවී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අනිද්දා  (01)  උදේ නවයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවනු ලැබ තිබේ.

එහිදී මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ ජනමාධ්‍ය වාර්තා,  ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ කැෆේ සංවිධානය ගොනු කළ පැමිණිල්ලි පදනම් කර ගෙනය.

ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ  ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ද  එම  සහ  පළාත් සභාවේ මාධ්‍ය නිලධාරීන් දෙදෙනෙකුද බ්‍රහස්පතින්දා ( 25)  මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා මේ සිද්ධිය සම්බන්ධයෙන්  ප්‍රකාශ සටහන් කර ගත් අතර එම විමර්ශන පැය 10ක් පුරා පැවැත්විණි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඌව මහා ඇමති මානව හිමිකම් කොමිසමට..! | Lanka Newsweek