අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඌරුගස්මංසන්ධියේ ද්විත්ව මිනිස් ඝාතනයක්..!

ඌරුගස්මංසන්ධියේ ද්විත්ව මිනිස් ඝාතනයක්..!

ඊයේ (30) ඌරුගස්මංසන්ධිය, රත්තොටවිල ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙම ඝාතනය ඌරගස්මන් හංදිය රත්තොටුවිල ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී 8. 30 පමණසිදු වී ඇති බව පොලිස් මාධ්‍ය…

ඊයේ (30) ඌරුගස්මංසන්ධිය, රත්තොටවිල ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය ඌරගස්මන් හංදිය රත්තොටුවිල ප්‍රදේශයේ දී  ඊයේ රාත්‍රී 8. 30 පමණසිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකශ කර සිටියි.

මෙලෙස ඝාතනයට ලක් වූ එක පුද්ගලයෙකුගේ හිස කපා රැගෙන ගොස් මාර්ගය අසල දමා තිබියදී හමුවී තිබේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ  වයස අවුරුදු 37 සහ 27 යන වයස්වල පසුවන දෙදෙනෙකු බව ද වාර්තා වේ.

මෙම සිදුවීමට අදාළ සැකකරුවන් මෙතෙක් හඳුනා ගෙන නොමැති අතර සිද්ධිය  සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මකයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඌරුගස්මංසන්ධියේ ද්විත්ව මිනිස් ඝාතනයක්..! | Lanka Newsweek