අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

උසස් පෙළ පෞද්ගලික පන්ති 31 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්..!

උසස් පෙළ පෞද්ගලික පන්ති 31 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්..!

(නිලන්ති චන්ද්‍රසේන) මෙවර උසස් පෙළ විභාගයේ පෞද්ගලික පන්ති පැවැත්වීම මේ මස 31 වන දා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මේ මස 31 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු…

(නිලන්ති චන්ද්‍රසේන)

මෙවර උසස් පෙළ විභාගයේ පෞද්ගලික පන්ති පැවැත්වීම මේ මස 31 වන දා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ මස 31 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු පෞද්ගලික පන්ති පැවැත්වීම, දේශන පැවැත්වීම සහ සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම් වන බව විභාග කොමාසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වන දා ආරම්භ වීමට නියමිත අතර එය  සැප්තැම්බර් පළමු වන දා අවසන් වීමට නියමිතයි.

පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 321,469 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගය සඳහා  විභාගයට පෙනී සිටීමට නියමිත ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
උසස් පෙළ පෞද්ගලික පන්ති 31 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්..! | Lanka Newsweek