උරුබොක්කේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මාතර ඌරුබොක්ක දම් පහළ ප්‍රදේශයේ දී අද (22) උදැසන සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන 44 හැවිරිදි පුද්ගලයෙක්…
මාතර ඌරුබොක්ක දම් පහළ ප්‍රදේශයේ දී අද (22) උදැසන සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන 44 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියි.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී නාදුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව වාර්තා වේ.
මොහු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු හීගොඩ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බව පොලිසිය පවසයි.
අද පෙරවරු 9.25 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1