උප පොලිස් පරීක්ෂකවරුන් 3029කට උසස්වීම්

(හේමන්ත තුෂිත කුමාර) පොලිස් සේවයේ විශාල අර්බුදයක් බවට පත්වෙමින් තිබූ උප පොලිස් පරීක්ෂක සේවයේ උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදය විධිමත් සහ කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය…
(හේමන්ත තුෂිත කුමාර)
පොලිස් සේවයේ විශාල අර්බුදයක් බවට පත්වෙමින් තිබූ උප පොලිස් පරීක්ෂක සේවයේ උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදය විධිමත් සහ කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය කටයුතු කර ඇත.
ඒ අනුව දැනට උප පොලිස් පරීක්ෂක සේවයේ කටයුතු කරන නිලධාරීන් 3029 දෙනෙකු පොලිස් පරීක්ෂකවරුන් ලෙස උසස්වීම් හිමිවනු ඇත.ඒ අනුව පොලිස් පරීක්ෂක සේවයේ දැනුට අනුමත නිලධාරී සංඛ්‍යාව වන නිලධාරීන් 2699 ක ප්‍රමාණය සම්පූර්ණ කිරීමට අවශ්‍ය නිලධාරීන් 603 දෙනෙකුගේ පුරප්පාඩු මේ මඟින් සැපිරෙනු ඇත.
දැන්වීම
එසේම මේ වන විට උප පොලිස් පරීක්ෂක සේවයේ වසර 08 ක සේවා කාලය සම්පූර්ණ කරනු ලැබූ නිලධාරීන් 2426ක් සඳහා අධි සේවක පදනම මත පොලිස් පරීක්ෂක සේවයට උසස් වීම් ලබා දෙනු ඇත.එම උප පොලිස් පරීක්ෂකවරුන් සියලු දෙනාට පොලිස් පරීක්ෂකවරුන් ලෙස උසස් වීම් ලබා දෙන්නේ ඔවුන් උප පොලිස් පරීක්ෂක සේවයේ වසර 08 ක සේවය සම්පූර්ණ කළ දින සිට පෙරදාතම කිරීමෙනි. එසේ පෙරදාතම කර ඔවුන් පොලිස් පරීක්ෂක සේවයේ පිහිටවූවද ඔවුන් කොන්දේසි කිහිපයකට යටත් කෙරෙනු ඇත.
මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම මගින් උප පොලිස් පරීක්ෂකවරුන්ට පොලිස් පරීක්ෂක ධුරය සඳහා උසස් වීම් ලැබීමට මෙතෙක් තිබූ බාධා ඉවත් වේ.එසේම මේ වන විට අවුරුදු 08 ක කාලයක් කාන්තා උප පොලිස් පරීක්ෂක සේවයේ කටයුතු කළ නිලධාරීනින් 320 දෙනෙකුටද කාන්තා පොලිස් පරීක්ෂකවරියන් ලෙස උසස්වීම් හිමි වෙයි.
එසේම දැනට ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී තනතුරුවල පවතින පුරප්පාඩු පිරවීමටද අවශ්‍ය පියවර ගනු ඇත.
දැනට පවතින ක්‍රමවේදය අනුව සහකාර පොලිස් අධිකාරීවරයෙකු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු දක්වා උසස් වීම් ලැබීමට සහකාර පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී සහ ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී තනතුරුවල වස 18 ක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුව තිබුණද එය වසර 17 ක් දක්වා අඩු කිරීම සිදුවනු ඇත.
මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම මගින් ශ්‍රී ලංකා පොලීසියේ උසස්වීම් ක්‍රියාවලිය විධිමත් සහ කඩිනම් වන බව නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
එමෙන්ම පොලිස් කොස්තාපල්වරයාගේ සිට සෑම මට්ටමකම පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ක්‍රමවේදය විධිමත් හා කඩිනම් වන බවත් ඒ තුළින් පොලිස් නිලධාරීන් අභිප්‍රේරණයකට ලක් කර ගුණාත්මකභාවයෙන් උසස් මහජන හිතෛෂී වෘත්තීමයභාවයෙන් යුතු පොලිස් සේවයක් බිහි කිරීම තම අරමුණ බවත් සාගල රත්නායක මහතා පැවසීය.