උපාලි ධර්මදාසගේ සාජා සමාගමේ සිව් මසකින් වැටුප් ගෙවා නැහැ

සේවකයින් අන්ත අසරණ වෙලා සාජා හී පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට සිව් මසක් මුළුල්ලේ වැටුප් සහ දීමනා ගෙවා නොමැති බව "lankanewsweek" වෙත වාර්තා වෙයි. මෙම සමාගමේ…
සේවකයින් අන්ත අසරණ වෙලා
සාජා හී පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට සිව් මසක් මුළුල්ලේ වැටුප් සහ දීමනා ගෙවා නොමැති බව "lankanewsweek" වෙත වාර්තා වෙයි.
මෙම සමාගමේ අයිතිකරුවා වන්නේ උපාලි ධර්මදාස මහතා වන අතර ඔහු සිය සේවක සේවිකාවන් ගැන කිසිදු තැකීමක් නොකරන බව ද එම ශ්‍රී ලාංකික සේවක සේවිකාවෝ කියති.
සිව් මසක් මුළුල්ලේ වැටුප් සහ අදාළ දීමනා නොලැබීම හේතුවෙන් එම සේවක සේවිකාවන් මේ වන විට කිසිවක් කර කියා ගත නොහැකිව අන්ත අසරණ වී සිටින අතර එම සේවක සේවිකාවන් කියා සිටින්නේ උපාලි ධර්මදාස මහතා තම වැටුප් නොගෙව්වාට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විනාශ කිරීම සඳහා නම් රුපියල් කෝටි ගණන් වියදම් කරන බවය.