උද්ධමනය එන්න එන්නම වැඩි වෙනවා. මේ තත්ත්වය මත මහපොළ ශිෂ්‍යත්වයේ වැඩි කිරීම ප්‍රමාණවත් ද..?

- විපක්ෂ නායක - වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත් මාසයක් තුළ 1.3%කින් උද්ධමනය වැඩිව ඇති මොහොතක ජන සංඛ්‍යා ලේඛන…
- විපක්ෂ නායක -
වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත් මාසයක් තුළ 1.3%කින් උද්ධමනය වැඩිව ඇති මොහොතක ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව එක් පුද්ගලයකුට දින 30ක් ජීවත් වෙන්නට රු. 17315ක් ප්‍රමාණවත් බව පවසන බවත් උද්ධමනය ඉහළ යාම තුළ මහපොළ ශිෂ්‍යත්වය වැඩි කිරීම ප්රමාණත්ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ ජනතාවට වැඩිව ඇති ජීවන බර හා පීඩනය අසහනය තුළ දුෂ්කර ජීවිතයක් ගත කරන්න සිදුව ඇති බවත් වසරින් වසර ප්‍රධාන උද්ධමනය වැඩි වීම තුළ මහපොළ සිසුන් පමණක් නොව රටේ ජනතාව ජීවත් වන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් දින 30ක් ජීවත් වෙන්න රු. 17315ක් ජීවත් වෙන්න ප්‍රමාණවත්ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
70%ක් උද්ධමනය වන විට රටේ පැවතියේ වෙන ආණ්ඩුවක් බවත් මේ අවස්රුථාවේ රු. 17315ක් ජීවත් වෙන්න ප්‍රමාණවත්ද කියා අගමැතිනිය විශ්වාස කරනවා ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.