උදයංග වීරතුංග එන සතියේ දිවයිනට..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඔහු වෙනුවෙන් අධිකරණයට හෙට (26) මෝසමක්..? යහ පාලන වින්දිතයින්ගේ සංවිධානය නඩු කටයුතු භාර ගනී..! (අශාන්ති වර්ණසූරිය) උදයංග වීරතුංග මහතාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් ගොනුවී ඇති නඩු කටයුතුවලට මුහුණදීම…
ඔහු වෙනුවෙන් අධිකරණයට හෙට (26) මෝසමක්..?
යහ පාලන වින්දිතයින්ගේ සංවිධානය නඩු කටයුතු භාර ගනී..!
(අශාන්ති වර්ණසූරිය)
උදයංග වීරතුංග මහතාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් ගොනුවී ඇති නඩු කටයුතුවලට මුහුණදීම සදහා ඔහු ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සදහන් වේ.
යහ පාලන වින්දිතයන්ගේ සංවිධාන පවසන්නේ සිය සංවිධානය උදයංග වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටින බවයි.
යහ පාලනය රජය විසින් ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළ හමුවේ මේ වන විට 8500 කට අධික පිරිසක් අසාධාරණයට ලක්ව සිටින අතර ඒ අය වෙනුවෙන් ස්ථාපිත වූ යහ පාලන වින්දිතයන්ගේ සංවිධානය වටා මේ වන විට විශාල සාමාජික සංකයාවක් රොක් වී සිටින බව එම සංවිධානය පවසයි.
සිය සංවිධානයේ සිටින නීතීඥවරුන් මෙවන් අසාධාරණයන්ට ලක් වූ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින බව එම සංවිධානයේ මාධ්‍ය ලේකම් නලීන් නිශ්ශංක මහතා පවසයි.
ඒ අනුව මේ වන විට මෙම සංවිධානය උදයංග වීරතුංග මහතා සමග අද (25) සාකච්ඡා කර ඇති අතර ඔහුගේ නඩුව සම්බන්ධයෙන් හෙට (26) අධිකරණය හමුවේ මෝසමක් ඉදිපත් කිරීමට කටයුතු යොදා ඇත.
මේ සදහා ඉදිරිපත් වීමට උදයංග වීරතුංග මහතා නුදුරු සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද යහ පාලන වින්දිතයින්ගේ සංවිධානය පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1