උදයංග වීරතුංගත් අත්අඩංගුවේ..!

(සුජිත් මංගල ද සිල්වා) රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන් තොටුපොළේදී එරට පොලීසිය මගින් රඳවා ගනු ලැබ සිටියි. උදයංග වීරතුංග මහතා මෙසේ රඳවා ගනු ලැබ තිබෙන්නේ ඔහු සිය පවුල…
(සුජිත් මංගල ද සිල්වා)
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන් තොටුපොළේදී එරට පොලීසිය මගින් රඳවා ගනු ලැබ සිටියි.
උදයංග වීරතුංග මහතා මෙසේ රඳවා ගනු ලැබ තිබෙන්නේ ඔහු සිය පවුල සමග ඩුබායි සිට ඇමරිකාව බලා යාම සඳහා තවත් ගුවන් යානයකට ගොඩවෙමින් සිටියදීය.
දැන්වීම
ඩුබායි ගුවන් තොටුපොළ ආරක්ෂක බලධාරීන් සහ එරට පොලීසිය මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින අතර ඔහු ජාත්‍යන්තර පොලිසියට භාර දී අනතුරුව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු කෙරුණු “මිග්”ප්‍රහාරක ගුවන් යානා මිල දී ගැනීමේදී සිදු වූ බව කියන මහා පරිමාණ දුෂණය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කරනු ලැබ සිටින උදයංග වීරතුංග මහතා දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් ජාත්‍යන්තර පොලීසිය වෙත විවෘත වරෙන්තු නිකුත් කර තිබිණ.