අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

උතුර -දකුණ යා කෙරෙන කෑම වේල සූදානම්

(අශාන්ති වර්ණසුරිය) මේ උත්සව සමයේ සාමයේ පණිවිඩයත් සමග සංහිදියාත්මක සහජීවනය වඩාත් ලෙන්ගතු කරලීමේ අරමුණින් ශ්‍රී ලංකා යුධ හමුදාව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේදී පළමු වරට සංවිධානය කරන Jaffna Food…

(අශාන්ති වර්ණසුරිය)

මේ උත්සව සමයේ සාමයේ පණිවිඩයත් සමග සංහිදියාත්මක සහජීවනය වඩාත් ලෙන්ගතු කරලීමේ අරමුණින්  ශ්‍රී ලංකා යුධ හමුදාව යාපනය  ආරක්ෂක සේනා මුලස්ථානයේදී පළමු වරට සංවිධානය කරන  Jaffna Food Festival – 2017 මගින් නවමු අත්දැකීම් සම්භාරයක් ශ්‍රී ලාංකිකයන්ට ගෙන දෙන්නට කටයුතු යොදා ඇත.

ප්‍රථම වරට සංවිධානය කෙරෙන මේ  යාපනය මහා  සංකෘතික සංදර්ශනය දෙසැම්බර් 15 සිට 17 දක්වා පැවැත් වෙන අතර  ඒ සදහා ඇතුළු වීමට  කිසිදු ගාස්තුවක් අය නොකරේ.

දැන්වීම

 ඒ අනුව රටේ ජනතාවගේ වගේම    විදේශිකයන්ගේ ද වඩාත් ආකර්ෂණය දිනා ගත හැකි මහා සංස්කෘතික  මංගල්‍යයක් මෙවර යාපනයේදී  දැක බලා ගත හැකි වනු ඇත.

පුරා තෙදිනක් යාපනය කොටුව අසල සංවිධානය කර ඇති මේ මහා සංස්කෘතික  සංදර්ශනය   විවධ විනෝදාත්මක වැඩ සටහන් රාශියකින් අන්තර් ගතවී තිබේ.

සංගීතයේ රස පහස සංකලනය කරමින් දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන “අග්නි” සංගීත කණ්ඩායම  දෙසැම්බර් 16 වනදා රාත්‍රියේ දී සිය සංගීත ලෝලින්ට සිය ස්වර මියැසියෙන් ජනයා කුල්මත් කරනු ඇත.

අහාර පානවලට අමතරව මාරක ළිඳ සහ කතුරු ඔන්චිල්ලා ඇතුළු විනෝදාත්මක අංග රැසක් මෙවර යාපනය සංස්කෘතික මහා  මංගල්‍යට ඇතුළත් වේ.

ඒ අනුව යාපනය  ආරක්ෂක සේනා මුලස්ථානයේදී Jaffna Food Festival – 2017 පවත් වෙන අතරේ   ශ්‍රී ලංකා යුධ හමුදාවේ කැරොල් කණ්ඩායම දෙසැම්බර් 17 වැනිදා  කැරොල් ගීතිකා සංදර්ශනයක් පවත්වයි.

සංහිදියාවේ දෑත දිගු කරමින් උතුර- දකුණ යා කිරීම සඳහා සංස්කෘතික අංග ගණනාවකින් සුසැදි Jaffna Food Festival – 2017 සමග එක් වන්න යැයි ශ්‍රී ලංකා යුද හමුදාව  දකුණ ඇතුළු ශ්‍රී  ලංකාව පුරාම විසිර සිටින සහෝදර ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
උතුර -දකුණ යා කෙරෙන කෑම වේල සූදානම් | Lanka Newsweek