අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

උතුරේ වේගවත් සංවර්ධනයකට විපක්ෂ නායක පිඹුරු පත් සකසයි

උතුරේ වේගවත් සංවර්ධනයකට විපක්ෂ නායක පිඹුරු පත් සකසයි

උතුරට ලැබුණු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ වැඩ තවමත් අරඹා නැහැ උතුර දියුණු කරන්න හොඳම ක්‍රමය මේ ක්‍රීඩාංගනය සකස් කිරීමයි දළ දේශීය නිෂ්පාදිතයට උතුරෙන් ලැබෙන දායකත්වය 4%යි බස්නාහිරින් 43%යි-වයඹින්…

උතුරට ලැබුණු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ වැඩ තවමත් අරඹා නැහැ 

උතුර දියුණු කරන්න හොඳම ක්‍රමය මේ ක්‍රීඩාංගනය සකස් කිරීමයි 

දළ දේශීය නිෂ්පාදිතයට උතුරෙන් ලැබෙන දායකත්වය 4%යි 

බස්නාහිරින් 43%යි-වයඹින් 11%යි-මධ්‍යමින් 10%යි

උතුරේ වේගවත් සංවර්ධනයකට විපක්ෂ නායක පිඹුරු පත් සකසයි

බස්නාහිර පළාත දළ දේශීය නිෂ්පාදිතයට 43.4%ක ද, වයඹ පළාත 11.2%ක් සහ මධ්‍යම පළාත 10%ක දායකත්වයක් ලබා දෙන විට මන්නාරම, වව්නියා, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යනාදී පරිපාලන දිස්ත්‍රික්ක 5ක් ඇති උතුරු පළාත දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය ලබා දෙන්නේ 4.1%ක් වැනි අවම ප්‍රමාණයක් බවත් මෙසේ උතුරු පළාතෙන් ලැබෙන දායකත්වය අඩුම වීමට හේතුව උතුරේ ආර්ථික ක්‍රියාකාරීත්වය දුබල මට්ටමක පැවැතීම නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

උතුරු පළාතේ ආර්ථිකය වර්ධනය කිරීමට නම් යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ගොඩ නැගීම වගේම උතුරේ ඇති මැතිවරණ කොට්ඨාස 10 ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ 15 ම නිෂ්පාදන කර්මාන්ත ගොඩනැංවීමටත්, තොරතුරු තාක්ෂණ උද්‍යාන බිහි කර තොරතුරු තාක්ෂණ අපනයනය ප්‍රවර්ධනය කර බුද්ධිමතුන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට උතුරු පළාත පත් කළ යුතු බවත් ඒ සඳහා සමගි ජන බලවේගය කටයුතු කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, යාපනය කෝපායි නීර්වේලි අත්තියර් හින්දු විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩ සටහනේ 233 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් වන අතර මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කෙරිණ. 

මීට වසර කිහිපයකට පෙර යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදි කිරිමට යහපාලන රජයේ දී සාකච්ඡා වූ බවත් වර්තමානයේ එහි තත්ත්වය සොයා බැලීමට වේලනෙයි ප්‍රදේශයේ මණ්ඩතිව් බටහිර කොට්ඨාසයට තමා ගිය අවස්ථාවේ දැක ගැනීමට හැකි වූයේ දැනටමත් ඒ සඳහා අක්කර 50ක ඉඩමක් වෙන් කර ඇති නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ වී නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. 

රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ වන ව්‍යාපෘතියක් ලෙස මෙම ක්‍රීඩාංගනය පහසුවෙන් ඉදි කළ හැකි බවත් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය පවා නිර්මාණය වූයේ එවැනි ආකාරයට බවත් පෞද්ගලික ධානපතියන්ගේ ආධාර උපකාර ගෙන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ගොඩනැගූ ආකාරයටම යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කරන බවත් එමගින් මේ ප්‍රදේශයේ ආර්ථිකය ගොඩනගන්න, කර්මාන්ත දියුණු කරන්න, සංචාරක කර්මාන්තය දියුණු කරන්න වගේම දේශීය ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩි කරන්න ඉවහල් වන බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය. 

එබැවින් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාර ව්‍යාපෘතියක් ලෙස යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය කියන සිහිනය සැබෑ කිරීමේ වැඩ පිළිවෙළ සමගි ජන බලවේග රජයක් යටතේ ක්‍රියාත්මක කරන බවට ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී සහතික විය. 

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 233ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2608ක් වැය කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
උතුරේ වේගවත් සංවර්ධනයකට විපක්ෂ නායක පිඹුරු පත් සකසයි | Lanka Newsweek