උතුරේ මහවිරු සැමරීමට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලයි

එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරිව පැවති අවධියේ යුද්ධයෙන් මියගිය එල් ටි ටි සාමාජිකයින් සැමරීම වෙනුවෙන් මහ විරු සැමරීමට එක්වන ලෙසට දෙමළ දේශපාලන නියෝජිතයින් පිරිසක් දෙමළ ජනතාවගෙන් ඉල්ලීම් කොට ඇති අතර…
එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරිව පැවති අවධියේ යුද්ධයෙන් මියගිය එල් ටි ටි සාමාජිකයින් සැමරීම වෙනුවෙන් මහ විරු සැමරීමට එක්වන ලෙසට දෙමළ දේශපාලන නියෝජිතයින් පිරිසක් දෙමළ ජනතාවගෙන් ඉල්ලීම් කොට ඇති අතර මහවිරු සතිය ලෙස නම්කොට ඇති නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා දක්වා මහවිරුවන් වෙනුවෙන් පහන් දල්වා,මහවිරුවන් සිහි කරමින් ගුණ සැමරුම් වැඩසටහන් පවත්වන ලෙසටද ඉල්ලීම් කොට ඇති බවයි ආරක්ෂක අංශ පවසයි.
කෙසේ වෙතත් නව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමෙන් අනතුරුව පෙර වසරවලට සාපේක්ෂව මහවිරු සැම රුම් පැවැත්වීම වෙනුවෙන් දෙමළ ජනතාව තුළ පැවති උනන්දුවේ අඩු වීමක් දැක ගත හැකි බවත් ආරක්ෂක අංශ වැඩි දුරටත් සඳහන් කළා.