අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

උතුරු-නැගෙනහිර සහ වතුකරයේ ජනතා ගැටලු සොයා බැලීමට විපක්ෂ නායක එම ප්‍රදේශවල මන්ත්‍රීවරුන් හමු වෙයි

උතුරු-නැගෙනහිර සහ වතුකරයේ ජනතා ගැටලු සොයා බැලීමට විපක්ෂ නායක එම ප්‍රදේශවල මන්ත්‍රීවරුන් හමු වෙයි

උතුරු, නැගෙනහිර සහ වතුකරය ජනතාව නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා(10) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ…

උතුරු, නැගෙනහිර සහ වතුකරය ජනතාව නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා(10) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී විශේෂයෙන් වර්තමාන ආර්ථික තත්ත්වයත් සමඟ උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා ජීවන ගැටලු පිළිබඳ ව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පැමිණ සිටි මන්ත්‍රීවරුන්ගෙන් තොරතුරු විමසා සිටියේය.

උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාවගේ වත්මන් ජීවන තත්ත්වය, ආර්ථික තත්ත්වය සහ පවුල් ආදායම් මට්ටම කෙරෙහි රටේ වර්තමානයේ පවතින උද්ධමනකාරී තත්ත්වයේ බලපෑම, දෛනික ජීවන වියදම ඉහළ යාම හමුවේ ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා මෙන් ම මෙම ප්‍රදේශවල පවතින යටිතල පහසුකම්වල ගැටලු පිළිබඳව ද මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය.

දැන්වීම

එමෙන්ම උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය හා අධ්‍යාපන අවශ්‍යතා, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා පවතින ප්‍රවේශය, පාසල් අධ්‍යාපනය හා දරුවන්ගේ පෝෂණ මට්ටම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙහි දී උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව දීර්ඝ කාලයක් පුරා මුහුණ දෙමින් සිටින සමාජ හා ආර්ථික ගැටලු පිළිබඳව ප්‍රායෝගික අවධානය යොමු කරමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අදහස් රැසක් හුවමාරු විය.

උතුරු හා නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ද අඛණ්ඩ ව අවධානය යොමු කරමින්, ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන් ම ඉන් පිටතදී ද අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමේ වැදගත්කම පිළිබඳ ව මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම සාකච්ඡාවට එක්ව සිටි මන්ත්‍රීවරුන් හමුවේ අවධාරණය කරන ලදි. එමෙන් ම ජනතාවගේ සැබෑ ගැටලු පිළිබඳ ව ප්‍රාදේශීය මට්ටමින් තොරතුරු රැස් කර ඒවාට විසඳුම් ලබා දීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර වඩාත් සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද මෙහි දී වැඩිදුරටත් අවධානය යොමු විය.

මෙම සාකච්ඡාව සඳහා කේ. එස්. කුගතසන්, එම්. ඒ. එම්. තාහීර්, වෛද්‍ය ඊ. ශ්‍රීනාත්, කේ. කෝඩේස්වරන්, G. ශ්‍රීනේෂන්, M.S. U. ලෙබ්බේ, ඒ. අඩික්කලනාදන්, වෛද්‍ය පී. සත්‍යලිංගම්, කේ. කාදර් මස්තාන්, එස්. රාසමානික්‍යම්,  මුජිබර් රහුමාන්  සහ රිෂාඩ් බදියුදීන් යන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූහ.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
උතුරු-නැගෙනහිර සහ වතුකරයේ ජනතා ගැටලු සොයා බැලීමට විපක්ෂ නායක එම ප්‍රදේශවල මන්ත්‍රීවරුන් හමු වෙයි | Lanka Newsweek