උත්සව සමයේදී හිඟයකින් තොරව සහල් වෙළඳපොළට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ,එළඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා දීමට සැලසුම් සකස් කර ඇති බවත් දැනට වී අළෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී…
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ,එළඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා දීමට සැලසුම් සකස් කර ඇති බවත් දැනට වී අළෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී සහල් බවට පත් කර ලංකා සතොස අළෙවිසැල් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීම සිදු කරන බවත්ය.
දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉකුත් මහ කන්නයේ දී මිලදී ගත් වී තොග මේ වනවිට අදාළ ගබඩාවල තැන්පත් කර තිබෙන අතර ලබන සතියේ සිට එම ක්‍රියාවලිය ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1