අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඊජිප්තු ජනපතිත් අන්තර්ජාලය තහනම් කරයි..!

ඊජිප්තු ජනපතිත් අන්තර්ජාලය තහනම් කරයි..!

(නිලන්ති චන්ද්‍රසේන) ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එරට අන්තර්ජාල භාවිතය සඳහා තහංචි පනවන නව නීතියක් සඳහා අත්සන් තබා තිබෙන බව වාර්තා වේ. සයිබර් අපරාධ පාලනය කිරීමේ අරමුණින් මෙම නව නීති හඳුන්වා දී ඇති බව…

(නිලන්ති චන්ද්‍රසේන)

ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එරට අන්තර්ජාල භාවිතය  සඳහා තහංචි පනවන නව නීතියක් සඳහා අත්සන් තබා තිබෙන බව වාර්තා වේ.

සයිබර් අපරාධ පාලනය කිරීමේ  අරමුණින් මෙම නව නීති හඳුන්වා දී ඇති බව ඊජිප්තු මාධ්‍ය වාර්තා කරයි.මේ අනුව ඊජිප්තු රජයට සහ එරට ව්‍යවස්ථාවට, ජාතික ආරක්ෂාවට හෝ ආර්ථිකයට තර්ජනයක් වේ සිතෙන ඕනෑම වෙබ් අඩවියක් පවත්වා ගෙන යාම ඒවාට සහය දැක්වීම සහ එම් වෙබ් අඩවිවලට පිවිසීම එරට දඩුවමකට යටත්වන වරදක් වේ.තවද එම බලධාරීන් ප්‍රකාශ කර සිටින්නේ රටේ අස්ථාවරත්වය මෙන්ම ත්‍රස්තවාදය මැඩලීම  සඳහා මෙවැනි පියවර අත්‍යවශ්‍ය වන බවයි.

නමුත් මෙම නව නීතිය හඳුන්වා දීමටත් ප්‍රථම ඊජිප්තුව එරට ප්‍රධාන පෙළේ වෙබ් අඩවි 500කට අධික සංඛ්‍යාවක් අවහිර කර ඇති අතර මේ පිළිබඳව ඊජිප්තු රජයට චෝදනා කරන මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කර සිටින්නේ රජයට විරුද්ධ මත දරන්නන් මර්ධනය සඳහා මෙම නීති එරට රජය විසින් සකසමින් සිටින බවයි.

මෙයට අමතරව පසුගිය වසරේ සම්මත කරගත් අන්තර්ජාල භාවිතයට සිමා පැනවෙන කෙටුම් පත් සඳහාද ජනාධිපති  අබ්දෙල් ෆටා අත්සන් තැබීමට ද නියමිත අතර එකී නීතියට අනුව 5,000කට අධික අනුගාමිකයින් සිටින ඕනෑම සාමජ ජාල ගිණුමක් අධීක්ෂණයකට යටත්විය යුතු ය. තවද ඊජිප්තු ජනතාවට තම මත ප්‍රකාශ කිරීමට තිබු සියලුම අවස්ථා සඳහා බාධක පනවා ඇති අතර විදි විරෝධතාද තහනම්ය.

මේ අතර හියුමන් රටියිට්ස් වොච් සංවිධානය පසුගිය මාසයේ අනතුරු ඇඟවිමක් නිකුත් කරමින් පවසා සිටින්නේ  ඊජිප්තු බලධාරීන් හදිසි නීතිය සහ අධිකරණය අවභාවිත කරමින් ජනමාධ්‍ය වේදීන් සහ ආණ්ඩුව විවේචනය කරන පිරිස්වලට අසාධාරණ ලෙස නඩු පවරමින් සිටින බව ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඊජිප්තු ජනපතිත් අන්තර්ජාලය තහනම් කරයි..! | Lanka Newsweek