අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉසුර දේවප්‍රියගේ ප්‍රකාශය ගැන ජනපතිගේ මුනිවත එජාපයට ප්‍රශ්නයක්..!

බැසිල් නැතිව මහින්දට නැගිටීමක් නැත..!

(නිලන්ති මානෙල්) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබෙන නිසා ඔහුට රට යන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දුන් බවට බස්නාහිර පළාත් මහා ඇමති ඉසුර දේවප්‍රිය මහතා කළ…

(නිලන්ති මානෙල්)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබෙන නිසා ඔහුට රට යන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දුන් බවට බස්නාහිර පළාත් මහා ඇමති ඉසුර දේවප්‍රිය මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම ගැන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ අවධානය යොමු වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පෙන්වා දී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ප්‍රකාශය ප්‍රත්ක්ෂේප කරමින් හෝ නිවැරදි කරමින් කිසිදු පිළිතුරක් ලබා නොදීම ප්‍රශ්නයක් බවය.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් උත්තරයක් නොදීමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීම සඳහා ඇත්තටම ඔහු එම උපදේසය ලබාදුන්නා ද යන ප්‍රශ්නය මතු වන බව ද එම මැති ඇමතිවරුන් අගමැතිවරයා හමුවේ පෙන්වා දී තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉසුර දේවප්‍රියගේ ප්‍රකාශය ගැන ජනපතිගේ මුනිවත එජාපයට ප්‍රශ්නයක්..! | Lanka Newsweek