අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉල්මහ විරු සමරුවටත් කොවිඩ් හේතුවෙන් බාධා පැමිණේ

ඉල්මහ විරු සමරුවටත් කොවිඩ් හේතුවෙන් බාධා පැමිණේ

මෙවර ඉල්මහ විරු සමරුව ජවිපෙ විසින් පවත්වන ලද්දේ Facebook සජීවි විකාශයක් ලෙසිනි. ඊට හේතුව රට පුරා පැතිරී ඈති කොවිඩ් තත්ත්වයයි.රට පුරා දිස්ත්‍රික්කවල ආසන මට්ටමින් ජවිපෙ සාමාජිකයින් සමරු උත්සවයට සජීවි…

මෙවර ඉල්මහ විරු සමරුව ජවිපෙ විසින් පවත්වන ලද්දේ Facebook සජීවි විකාශයක් ලෙසිනි. ඊට හේතුව රට පුරා පැතිරී ඈති කොවිඩ් තත්ත්වයයි.රට පුරා දිස්ත්‍රික්කවල ආසන මට්ටමින් ජවිපෙ සාමාජිකයින් සමරු උත්සවයට සජීවි ලෙස සම්බන්ධ විය. 

මෙවර සමරු උත්සවයට ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු වන උපතිස්ස ගමනායක මහතා ගේ දියණිය ජනිතා ගමනායක සම්බන්ධවීම විශේෂත්වයක් විය. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත, සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය යන අය මෙම අවස්ථාවට සම්බන්ධ විය.

ඉල්මහ විරු සමරුවටත් කොවිඩ් හේතුවෙන් බාධා පැමිණේ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉල්මහ විරු සමරුවටත් කොවිඩ් හේතුවෙන් බාධා පැමිණේ | Lanka Newsweek