ඉලක්කය වරදී

සෙවනගල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට අගෝස්තු (04) අලුයම තුනට පමණ නිවසේ ජනේලයක් විවෘත කර වෙඩි තබා ඇතැයි සෙවනගල පොලිසිය පැවැසීය. පවුල් ආරවුලක් හේතුවෙන් ටික දිනක සිට නිවසේ නොසිට නිවසට මද දුරක්…
සෙවනගල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට අගෝස්තු (04) අලුයම තුනට පමණ නිවසේ ජනේලයක් විවෘත කර වෙඩි තබා ඇතැයි සෙවනගල පොලිසිය පැවැසීය.
පවුල් ආරවුලක් හේතුවෙන් ටික දිනක සිට නිවසේ නොසිට නිවසට මද දුරක් පිහිටි වෙනත් අයකුට අයත් නිවසක රාත්‍රී කාලය තනිව ගත කර ඇත.මෙසේ වෙඩි පහරට ලක්ව තුවාල ලබා ඇත්තේ කිරිඉබ්බන්ආර ආයුර්වේද රෝහල අසල පදිංචි 39 හැවිරිදි තිදරු පියෙකි.
අගෝස්තු (03) රාත්‍රී ආහාර ගැනීමෙන් පසු නිවසේ ජනේලයක් විවෘත කර නිදාසිටියදී අගෝස්තු (04) අලුයම විවෘත කර තිබූ ජනේලයෙන් වෙඩි තබා ඇත වෙඩි තැබීමෙන් ඔහුගේ අතෙහි කිහිල්ල ප්‍රදේශයට බරපතල ලෙස හානි සිදුව ඇත.
..
පොලිසිය කියා සිටියේ ඔහු ඝාතනය කිරීමට සිතා වෙඩි තැබීම සිදු කලද වෙඩික්කරුට ඉලක්කය වැරදීම හේතුවෙන් ඝාතනය වැරදී ඇති බවයි . වෙඩි වැදීමෙන් තුවාල ලැබු ඔහු ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි