අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉරිදා දිවයින නිරිවත් කෙරේ-නවීන්ගෙන් සැර ප්‍රකාශයක්

ඉරිදා දිවයින නිරිවත් කෙරේ-නවීන්ගෙන් සැර ප්‍රකාශයක්

සල්ලි දී බොරු කියන්වන්න පාඨකයින්ට සිදු වෙලා අතින් සල්ලි දී පුවත්පත්වල කොන්ත්‍රාත්වලට අසු වෙන්න පාඨකයින්ටත් සිද්ධ වෙලා "පොදු ජන එජාපය දිනා දීම සිය එකම අරමුණයි" "ජනයා නොමඟ යැවූ ප්‍රවෘත්තිය පිළිකුලෙන්…

සල්ලි දී බොරු කියන්වන්න පාඨකයින්ට සිදු වෙලා

අතින් සල්ලි දී පුවත්පත්වල කොන්ත්‍රාත්වලට අසු වෙන්න පාඨකයින්ටත් සිද්ධ වෙලා   

"පොදු ජන එජාපය දිනා දීම සිය එකම අරමුණයි"

"ජනයා නොමඟ යැවූ ප්‍රවෘත්තිය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා"

ජාතික පුවත්පත්වලට ගිය කලක්..!

ඉරිදා දිවයිනේ පැටිකිරිය ගැන නවීන්ගේ විග්‍රහය මෙන්න

ඉරිදා දිවයින නිරිවත් කෙරේ-නවීන්ගෙන් සැර ප්‍රකාශයක්

(සුජිත් මංගල ද සිල්වා)   

තමා එක්සත් ජාතික පක්ෂය අත හැර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට එකතු වන යන බවට "ඉරිදා දිවයින" (2020.12.06) පළ කර තිබෙන පළ කර තිබෙන ප්‍රවෘත්තිය අතිශය සාවද්‍ය, අසත්‍ය සහ පදනම් විරහිත බව එම එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි. 

ඇත්ත තොරතුරු දැන ගැනීමේ අරමුණින් රුපියල් 80ක් දී විශ්වාසයකින් යුතුව පත්‍රය මිල දී ගන්නා පාඨකයින්ම නොමඟ යවමින් "ඉරිදා දිවයින" පළ කරතිබෙන මෙම ප්‍රවෘත්තිය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර, නොමිලයේ නොව සල්ලි ගෙවා සිය පත්‍රය මිල දී ගන්නා පාඨකයින්ට සත්‍ය තොරතුරු දැන ගැනීමට තිබෙන අයිතිය මෙසේ අමු අමුවේ සහ පහත් ලෙස උල්ලංඝනය කරමින් "ඉරිදා දිවයින" එම පාඨකයින්ට ද විශාල අසාධාරණයක් කර ඇතැයි නවීන් දිසානායක මහතා චෝදනා කර සිටියි. 

දැන්වීම

සිය පියාණන් වූ ගාමිණී දිසානායක මහතා දිවි පිදූ එක්සත් ජාතික පක්ෂය එහි මුක්‍ය පරමාර්ථය, දර්ශනය සහ වැඩ පිළිවෙළ මත ප්‍රතිස්ථාපනය කිරීමට තමා ඇපකැප වී ක්‍රියා කරන බව සහතික කර සිටින නවීන් දිසානායක මහතා, එක්සත් ජාතික පක්ෂය පවුල් වාදයෙන්, කල්ලි වාදයෙන්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති වාදයෙන් තොර නවීන, දියුණු සහ ගෝලීය දේශපාලන පක්ෂයක් බවට ප්‍රතිනිර්මාණය කිරීම සිය ඒකායන අරමුණ බව ද පෙන්වා දෙයි.

සුවහසක් පාක්ෂික ජනයා ඉල්ලා සිටින සහ අපේක්ෂා කරන ඒ නවීන එක්සත් ජාතික පක්ෂය යටතේ රට සංවර්ධනය කරමින් ජනතාවට ආර්ථික යුක්තිය ලබා දීම සඳහා එම ජනී ජනයා වෙනුවෙන් තමා සබැ අරමුණු පදනම් කර ගත් ශක්තිමත්, පුළුල් සහ රැඩිකල් ප්‍රතිසංවිධානයක් උදෙසා පක්ෂ අභ්‍යන්තරයේ නොනවතින සටනක් කරමින් සිටින්නේ යැයි ද වැඩි දුරටත් අවධාරණය කර සිටියි. 

ඉරිදා දිවයින නිරිවත් කෙරේ-නවීන්ගෙන් සැර ප්‍රකාශයක්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉරිදා දිවයින නිරිවත් කෙරේ-නවීන්ගෙන් සැර ප්‍රකාශයක් | Lanka Newsweek