ඉරාන්ට-හර්ෂට-සුජීවට සහ අජිත්ට කැබිනට් වරම්..!

ජයවික්‍රම පෙරේරා-තිලක් මාරපන සිය ධූර අත හරියි..? (සුජිත් මංගල ද සිල්වා) කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඉරාන් වික්‍රමරත්න,ආචාර්ය හර්ෂ ද සිල්වා,නීතීඥ අජිත් පී පෙරේරා සහ…
ජයවික්‍රම පෙරේරා-තිලක් මාරපන සිය ධූර අත හරියි..?
(සුජිත් මංගල ද සිල්වා)
කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඉරාන් වික්‍රමරත්න,ආචාර්ය හර්ෂ ද සිල්වා,නීතීඥ අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ට කැබිනට් අමාත්‍ය ධූර හිමි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.මේ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධූර ලබා දී කැබිනට් මණ්ඩලයට පත් කෙරෙනුයේ එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ දක්ෂයින් සහ තරුණයින් ඉදිරියට ගැනීමේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය යටතේය.
මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි දක්ෂ සහ තරුණ අලුත් පිරිසකට කැබිනට් වරම් ලබා දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සිය කැමැත්තෙන්ම සිය කැබිනට් ඇමති ධූර අත හැරීමටමට එකඟ වී ඇතැයි ද දැන ගන්නට තිබේ.
ඒ අනුව මේ කැබිනට් සංශෝධනයේදී තිලක් මාරපන සහ ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් කැබිනට් මණ්ඩලයට පත් නොකෙරෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.