අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“ඉන්ෆුලුවෙන්සා” එන්නතින් පෞද්ගලික රෝහල් ජනතාව ගසා කයි..!

“ඉන්ෆුලුවෙන්සා” එන්නතින් පෞද්ගලික රෝහල් ජනතාව ගසා කයි..!

(සුජිත් මංගල ද සිල්වා) “ඉන්ෆුලුවෙන්සා” එන්නත අධික මිලකට අලෙවි කරමින් පෞද්ගලික රෝහල් අසරණ රෝගීන් ගසා කමින් සිටින්නේ යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් චෝදනා…

(සුජිත් මංගල ද සිල්වා)

“ඉන්ෆුලුවෙන්සා” එන්නත අධික මිලකට අලෙවි කරමින් පෞද්ගලික රෝහල් අසරණ රෝගීන් ගසා කමින් සිටින්නේ යැයි  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කර සිටියි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

මේ වන විට දකුණු පළාත පුරා පැතිරී යන “ඉන්ෆුලුවෙන්සා” උණ වෛරසය දිවයින පුරා පැතිරී යතැයි බියෙන් රෝගය නිවාරණය කිරීම සදහා බොහෝ දෙමාපියන් සිය  දරුවනට “ඉන්ෆුලුවෙන්සා”  එන්නත ලබා දීමට කටයුතු කරමින් සිටින බැවින් බොහෝ පුද්ගලික රෝහල්   එම එන්නත විශාල මුදලකට  අලෙවි කරන බව  අප සංවිධානයට වාර්තා වී ඇත.

බොහෝ පුද්ගලික රෝහල් “ඉන්ෆුලුවෙන්සා” එන්නත අලෙවි කරන්නේ රැපියල් 2000ක මුදලකට වන අතර ඒ සදහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා තවත් රැපියල් 2000 ක් ද අදාළ පුද්ගලික රෝහලට ගෙවිය යතු වන අතර දකුණු පළාතේ එම එන්නත අලෙවි කරන්නේ රුපියල් 5800 කටය.

ඒ අනුව එම එන්නත සදහා පාරිභෝගිකයාට විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබීම නිදහස් සෞඛ්‍ය සේවාවක් රටේ ඇතැයි පුරසාරම් දොඩවන හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිවරයාද වන සෞඛ්‍ය ඇමතිවරයෙක් සිටින රටකට කිසිම ආකාරයකින් උචිත නොවේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසන්නේ රෝග නිවාරණය සදහා “ඉන්ෆුලුවෙන්සා”  එන්නත ලබා ගැනීම හොද බවය. එහෙත් එම එන්නත රජයේ රෝහල් සදහා ලබා දීමට කටයුතු නොකරන්නේ ඇයි ද යන්න අපට ගැටලුවකි.

රජයේ රෝහල් සදහා එම එන්නත ලබා දිය නොහැකි නම් සාධාරණ මිලකට එම එන්නත ලබා ගැනීම සදහා වැඩ පිළිවෙළක් සකස් කිරීම රජයේ වගකීම බව අපි අවධාරණය කරමු.

කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමතිවරයාගෙන් අප ඉල්ලා සිටින්නේ දකුණේ දරුවන් මිය ගිය සංඛ්‍යාව ජනතාවගෙන් වසන් කිරීමට දරන උත්සහය නවතා දමා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෝ ඉල්ලීමක් කර මෙරට දරුවන්හට ලබා දීම සදහා “ඉන්ෆුලුවෙන්සා”  එන්නත මෙරටට ගෙන්වා ගන්නා ලෙසයි. නැතහොත් ඔබ වෙත ලැබුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති තනතුර මාධ්‍ය සංදර්ශනවලට පමණක් සීමා වනු ඇත.

සිය වැටුප් සහ වාහන බලපත් ලබා ගැනීමට පමණක් වර්ජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්ද අප ඉල්ලා සිටින්නේ මෙරට දරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සදහා ඉක්මනින් මැදිහත්වන ලෙසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න