"ඉන්ෆ්ලුවන්සා" භීතිකාවෙන් දකුණේ පාසල් වසා දැමේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

දකුණු පළාතේ ගාල්ල,මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි අධ්‍යාපන කළාප කිහියක පාසැල් වල ප්‍රාථමික අංශ හෙට (22) සහ අනිද්දා (23) වසා තැබීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ යටතේ ගාල්ල…
දකුණු පළාතේ ගාල්ල,මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි අධ්‍යාපන කළාප කිහියක පාසැල් වල ප්‍රාථමික අංශ හෙට (22) සහ අනිද්දා (23) වසා තැබීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල අධ්‍යාපන කළාපය, මාතර දිස්ත්‍රික්කයේ මාතර, මුලටියන, අකුරැස්ස හා වලස්මුල්ල අධ්‍යාපන කළාප මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල අධ්‍යාපන කළාපයේ පාසැල් වල ප්‍රාථමික අංශ මෙසේ වසා තැබීමට නියමිතය.
මේ දිනවල දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වය හේතුවෙන් රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීමේ අරමුණ ඇතිව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙම අධ්‍යාපන කළාපයන්හි පළමු ශ්‍රේණියේ සිට පස් වන ශ්‍රේණිය දක්වා සිසුන්ට හෙට (22) සහ අනිද්දා (23) පාසල් නොපැවැත්වෙන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා ප්‍රකාශ කළේය. මීට අමතරව දකුණු පළාතේ සියලු පෙර පාසල් සඳහාද හෙට (22) සිට ලබන සිකුරාදා (25) තෙක් නිවාඩු ලබාදෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබේ. දකුණු පළාතේ සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර මෙම පියවර ගත් බවද චන්දිමා රාසපුත්‍ර මහතා ප්‍රකාශ කළේය.
එයට අමතරව දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක පැතිර යන මෙම වෛරස් රෝගය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්ද දකුණු පළාත වෙත යැවීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.
වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක අනිල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායම මේ දිනවල දකුණේ සංචාරයක නිරත වෙමින් රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර තිබේ.
මෙම හදිසි තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දින විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර මෙම රෝගීන් සිටින රෝහල් සඳහා අවශ්‍ය සියලු ඖෂධ සහ උපකරණ කඩිනමින් යොමු කිරීමටද එහිදී පියවර ගෙන තිබේ. මේ වනවිට දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක මෙම වෛරස් උණ රෝගී තත්ත්වය බහුල ලෙස පැතිර යමින් තිබෙන අතර කුඩා දරුවන් රැසකට මෙම රෝගය වැලදී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාව ඉහත ඡායාරූයේ දැක්වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1