අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉන්ධන සඳහා පාරිභෝගිකයින් ගෙවූ වැඩිපුර මුදල යළි ලබා දෙනු..!

මිල සූත්‍රය සඟවා වැඩි කළ ඉන්ධන මිල වහා අඩු කරනු..!

“මුදල් අමාත්‍යංශයේ නිවේදනය අනීතිකයි” මුදල්-ඛණිජ තෙල් අමාත්‍යංශ කඔ ඇදිල්ලෙන් අසරණ වුණේ ජනතාව..! (සුමුදු පෙරේරා) ඉන්ධන මිල ඉහළ වැඩි කරමින් මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කෙරුණු නිවේදනය අනීතික වන බැවින්…

“මුදල් අමාත්‍යංශයේ නිවේදනය අනීතිකයි”

මුදල්-ඛණිජ තෙල් අමාත්‍යංශ කඔ ඇදිල්ලෙන් අසරණ වුණේ ජනතාව..!

 

ඉන්ධන සඳහා පාරිභෝගිකයින් ගෙවූ වැඩිපුර මුදල යළි ලබා දෙනු..!

(සුමුදු පෙරේරා)

ඉන්ධන මිල ඉහළ වැඩි කරමින් මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කෙරුණු නිවේදනය අනීතික වන බැවින් 2018.7.06 දින වැඩි මිලට ඉන්ධන මිලදී ගත් පාරිභෝගිකයින්ට ඔවුන්  ගෙවූ වැඩි පුර මුදල යළිත් ලබා දීමට අවශ්‍ය නියෝග නිකුත් කරන්න යැයි පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියේ මෙසේ ද සඳහන්වේ.

2018.07.05 දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව මෙරට ඉන්ධන පාරිභෝගිකයින්ට 2018.07.06 දින ඉන්ධන මිලදී ගැනීමට සිදු වූයේ මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මිල ගණන් අනුවය.

එහෙත් 2018.07.06 දින දහවල් වන විට ඛණිජ තෙල් අමාත්‍යවරයා විසින් ඉන්ධන හල් සදහා උපදෙස් ලබා දී තිබුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීම සදහා උපදෙස් ලබා දී නොමැති නිසා ඉන්ධන මිල ඉහළ නොදමන ලෙසය.

අමාත්‍යංශ දෙකක මෙම කඔ ඇදිල්ල නිසා අසරණ වූයේ මෙරට පාරිභෝගිකයින් බව අප සංවධානය ඔබ තුමා වෙත අවධාරණය කර සිටින අතර 2018.07.06 දහවල් වන විටත් වැඩි මිලට ඉන්ධන මිලදී ගැනීමට මෙරට පාරිභෝගිකයින්ට සිදුවූ බව දන්වමූ.

ඒ සිදුවීම පිළිබදව සළකා බලා මෙරට ප්‍රමුඛම පාරිභෝගික සංවිධානය වන අප සංවිධානය පහත යෝජනා ඔබතුමා වෙත ඉදිරිපත් කරන අතර අප රටේ යහ පාලනයක් ස්ථාපිත කිරීම සදහා වෙහෙසන ඔබතුමා ඒ පිළිබදව අවධානය යොමු කරනු ඇතැයි අප සංවිධානය බලා පොරොත්තුවෙමු.

(01) මුදල් අමාත්‍යංශය විසින් 2018.07.05 දින නිකුත් කරන ලද ඉන්ධන මිල ඉහළ දැමීම සදහා වන නිවේදනය අනීතික වන බැවින් 2018.7.06 දින වැඩි මිලට ඉන්ධන මිලදී ගත් පාරිභෝගිකයින්ට එම පාරිභෝගිකයින් ගෙවූ වැඩි පුර මුදල යළිත් ලබා දීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස.

(02) අප රටේ ඉන්ධන ආශ්‍රිත සේවාවන්වලින් පාරිභෝගිකයා විශාල වශයෙන් පීඩාවට පත්වුවත් ඒ පිළිබදව පැමිණිලි කිරීම සදහා කිසිදු ස්වාධින නියාමන ආයතනයක් ස්ථාපිත කර නොමැති නිසා ඉන්ධන ආශ්‍රිත සේවාවන් නියාමනය කිරීමේ බලය 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත පැවරීම සදහා නීති සකසන ලෙස.

(03) ඉන්ධන ජන ජීවිතය සදහා අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වන නිසා එම භාණ්ඩය 2009 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ 18 (01) වගන්තිය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කොට මිල පාලනය කිරීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත බලය ලබා දෙන ලෙස.

(04) ඛණිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරිවුම් හල්වල හා ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරිවුම් හල්වලින් අලෙවි කරන්නේ එකම නිෂ්පාදනයන් වන නමුත් එම පිරවුම්හල් එම නිෂ්පාදන අලෙවි කරන මිල ගණන් එකිනෙකින් වෙනස්ය.

එසේ කිරීම නිසා පාරිභෝගිකයින්ට දැඩි අසාධාරණයක් සිදු වන බැවින් ඉතා ඉක්මනින් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරිවුම් හල්වලට ඛණිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරිවුම් හල්වල ඉන්ධන අලෙවි කරනු ලබන මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට නියෝග කරන ලෙස.

ඉන්ධන සඳහා පාරිභෝගිකයින් ගෙවූ වැඩිපුර මුදල යළි ලබා දෙනු..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ඉන්ධන සඳහා පාරිභෝගිකයින් ගෙවූ වැඩිපුර මුදල යළි ලබා දෙනු..! | Lanka Newsweek