අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉන්ධන ණය පියවීමට නවින්ගෙන් අලුත් වැඩ පිළිවෙලක්..!

ඉන්ධන ණය පියවීමට නවින්ගෙන් අලුත් වැඩ පිළිවෙලක්..!

මෙරට නිෂ්පාදිත තේ ඉරානයට අපනයනය කිරීම පිළිබද සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදු විය. ඉරානයට ඇමරිකාව පනවා තිබු…

මෙරට නිෂ්පාදිත තේ ඉරානයට අපනයනය කිරීම පිළිබද සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදු විය.

ඉරානයට ඇමරිකාව පනවා තිබු සම්බාධක ඉවත් වීමත් සමග මෙම නව වැඩ පිළිවෙල ආරම්භ කිරීමට හැකි වී ඇත.

දැනට ඉරානයෙන් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ඉන්ධන වෙනුවෙන් පියවීමට ඇති ණය මුදල් මේ හරහා පියවීමට මෙහිදී එකඟ වී ඇති අතර  ලබන අගෝස්තු මස සිට මෙම නව ක්‍රමය යටතේ ඉරානයට "සිලෝන් ටී" අපනයනය කිරීම ආරම්භ වීමට නියමිතය.

දැන්වීම

මෙම අවස්ථාවට  මහා මාර්ග හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම්තුමා, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, තේ අපනයනකරුවන් සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ඉන්ධන ණය පියවීමට නවින්ගෙන් අලුත් වැඩ පිළිවෙලක්..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉන්ධන ණය පියවීමට නවින්ගෙන් අලුත් වැඩ පිළිවෙලක්..! | Lanka Newsweek