ඉන්දුනීසියාවේ සුනාමියකින් 43ක් මරුට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පුද්ගලයින් 600ක් තුවාල ලබති..! (නිලන්ති මානෙල්) ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති වී ඇති සුනාමි තත්ත්වයකින් පුද්ගලයින් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් පුද්ගලයින් 165ක් තුවාල ලබා…
පුද්ගලයින් 600ක් තුවාල ලබති..!
(නිලන්ති මානෙල්)
ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති වී ඇති සුනාමි තත්ත්වයකින් පුද්ගලයින් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් පුද්ගලයින් 165ක් තුවාල ලබා තිබේ.
සුනාමි තත්ත්වයෙන් ඉන්දුනීසියාවේ ගොඩනැගිලි රැසකට හානි සිදු වී ඇති අතර එරට ක්‍රකටෝවා ගිනි කන්ද පිපිරීමෙන් පසුව මුහුදු පතුලේ හට ගත් නායයාම් හේතුවෙන් මෙම සුනාමි තත්ත්වය ඇති වී තිබේ.
සුනාමි රළ හට ගැනීමට හේතුව එම ගිනි කඳු පිපිරීම දැයි සොයා පරීක්ෂණ පැවැත් වෙන බව ද ඉන්දුනීසියානු බලධාරීහූ සඳහන්කරති.
ජාවා මුහුද සහ ඉන්දීය සාගරය සම්බන්ධ කෙරෙන ජාවා සහ සුමාත්‍රා දූපත් අතර සුන්දා සමුද්‍ර සන්ධිය පිහිටා තිබෙන අතර ඉන්දුනීසියා භූ විද්‍යා ඒජන්සිය සඳහන් සඳහන් කරන්නේ සිකුරාදා (21) විනාඩි දෙකකුත් තත්පර 12 ක කාලයකට ක්‍රකටෝවා ගිනි කන්ද සක්‍රීය වූ බවයි.
ඒ හේතුවෙන් එම ගිනිකන්දෙන් මීටර් 400 ක් ඉහළ අහසට අළු විසි වී ඇති අතර 2018 සැප්තැම්බර් මාසයේදී ඉන්දුනීසියාවේ සුලාවේසි දූපත ආශ්‍රිතව ඇති වූ මෙවැනිම භූ චලනයක් හේතුවෙන් ඇතිවූ සුනාමියකින් පුද්ගලයන් දෙදහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
