ඉන්දුනීසියාවේ මගී ගුවන් යානයක් කඩා වැටේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඉන්දුනීසියාවේ මගී ගුවන් යානයක් කඩා වැටී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට සුමාත්‍රා දූපතේ පැන්ග්කාල් පිනෑන්ග් බලා පියාසර කරමින් සිටියදී මෙම යානය අනතුරට ලක් ව ඇති බවයි .…
ඉන්දුනීසියාවේ මගී ගුවන් යානයක් කඩා වැටී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට සුමාත්‍රා දූපතේ පැන්ග්කාල් පිනෑන්ග් බලා පියාසර කරමින් සිටියදී මෙම යානය අනතුරට ලක් ව ඇති බවයි .
යානය ගුවන්ගත කර විනාඩි 13 කින් ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය සමග පැවති සබඳතා ගිලිහී ගොස් යානය පසුව මුහුදට කඩාවැටී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
මෙම යානයට මගීන් 210 දෙනෙකු රැගෙන යා හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර යානය අයත් ගුවන් සේවය මෙතෙක් එම අනතුරු පිළිබඳ අදහස් ප්‍රකාශ කර නොමැත.
(සිරස NEWS 01st)
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1