ඉන්දුනීසියාවේ ඔක්සිජන් හිඟය

(හේමන්ත තුසිත කුමාර) පසුගිය සතියේ සෙනසුරාදා රාත්‍රියේ සහ ඉරිදා උදෑසනදී, ජාවාහි රෝහලක රෝගීන් 63 දෙනෙකු මිය ගියේ ඔවුන්ගේ ඔක්සිජන් සැපයුම් අවසන් වන තෙක් භාවිතා කිරීමෙන් පසුව බව CNN පුවත් සේවය වාර්තා කර…
(හේමන්ත තුසිත කුමාර)
පසුගිය සතියේ සෙනසුරාදා රාත්‍රියේ සහ ඉරිදා උදෑසනදී, ජාවාහි රෝහලක රෝගීන් 63 දෙනෙකු මිය ගියේ ඔවුන්ගේ ඔක්සිජන් සැපයුම් අවසන් වන තෙක් භාවිතා කිරීමෙන් පසුව බව CNN පුවත් සේවය වාර්තා කර තිබුණි.
COVID-19 නව රෝගීන් රැල්ලක් සේ වැඩිවීම නිසා රෝහලේ ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර රෝහල විසින් බලාපොරොත්තු වූවාට වඩා ඔක්සිජන් භාවිතය අත්‍යවශ්‍ය වී ඇත. වැඩි ඔක්සිජන් සැපයුම් ප්‍රමාණයක් පිටතින් ගෙන්වා ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වී ඇත. එහෙත් පසුව ඉරිදා අලුයම වන විට රෝහලට ඔක්සිජන් සැපයුම් ලබා ගැනීමට හැකිව ඇත.
වසංගත පිළිබඳව භාර ඉන්දුනීසියාවේ අමාත්‍ය ලූහුත් බින්සාර් පාන්ඩ්ජයිතාන් පැවසුවේ සිකුරාදා සිංගප්පූරුවෙන් ඔක්සිජන් සිලින්ඩර සහ වෙන්ටිලේටර1000 ක් සහ වෙනත් සැපයුම් නැව්ගත කර ඇති බවයි. ඕස්ට්‍රේලියාවෙන් වෙන්ටිලේටර1000 ක් ද නැව්ගත කර ඇත. මීට අමතරව සිංගප්පුරුවෙන් ඔක්සිජන් ටොන් 36000 ක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පවසා ඇත.
දැන්වීම
මීට මාස දෙකකට පෙර ඉන්දුනීසියාව ඉන්දියාවට ඔක්සිජන් සැපයු අතර ඩෙල්ටා ප්‍රභේදය හිස එසවීමත් සමග ඉන්දුනීසියාවේ තත්ත්වය බෙහෙවින් වෙනස් වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වාර්තා කරන්නේ, වසංගතය ආරම්භයේ සිටම, ඉන්දුනීසියාවේ Covid-19 රෝගීන් මිලියන 2.4 ක් තහවුරු වී ඇති බවත්, රෝගයෙන් 64,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවත්ය. ඉන්දුනීසියාව දිනකට අඩු පරීක්ෂණ ප්‍රමාණයක් කරන රටක් වීම හේතුවෙන් එම සංඛ්‍යා ලේඛන බොහෝ වැඩි විය යුතු බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.