අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉන්දීය "රෝ" ඔත්තු සේවය ශ්‍රී ලංකාව ගැන අවධානයෙන්..!

සිය ඝාතන කුමන්ත්‍රණය ගැන ජනපතිගෙන් "රෝ"ඔත්තු සේවයට චෝදනා..!

"රෝ" ඒජන්තයින් සිව් දෙනෙක් පැමිණෙති..! ඉන්දීය ජනමාධ්‍යවේදීන් කණ්ඩායමකුත් ශ්‍රී ලංකාවට..! (සුජ්ත් මංගල ද සිල්වා) ඉන්දීය "රෝ " ඔත්තු සේවයේ සිව් දෙනෙකුගෙන් යුතු විශේෂ කණ්ඩායමක් ඊයේ (27) උදැසන ශ්‍රී…

"රෝ" ඒජන්තයින් සිව් දෙනෙක් පැමිණෙති..!

ඉන්දීය ජනමාධ්‍යවේදීන් කණ්ඩායමකුත් ශ්‍රී ලංකාවට..!

ඉන්දීය "රෝ" ඔත්තු සේවය ශ්‍රී ලංකාව ගැන අවධානයෙන්..!

(සුජ්ත් මංගල ද සිල්වා)

ඉන්දීය "රෝ " ඔත්තු සේවයේ සිව් දෙනෙකුගෙන් යුතු විශේෂ කණ්ඩායමක් ඊයේ (27) උදැසන ශ්‍රී ලංකාවට පැමිණි බව බුද්ධි තොරතුරු  ආරංචි මාර්ග "lankanewsweek" වෙත පැවසිය.

මේ කණ්ඩායම මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ මේ වනවිට රටේ උද්ගත වී තිබෙන උග්‍ර දේශපාලන අර්බුදය සහ එමඟින් කලාපීය දේශපාලන තත්වයට සිදුවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහාය.

ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති අංශ   සියල්ල ආවරණය වන පරිදි lankanewsweek කළ විමර්ශන වලදී තහවුරු වුයේ ශ්‍රී ලංකාවේ හදිසියේම  ඇති වූ දේශපාලන පෙරළිය සම්බන්ධයෙන් ඉන්දීය "රෝ" ඔත්තු සේවය මවිතයට පත්ව සිටින බවය.

මීට අමතරව ඉන්දියාවේ විශේෂ ජනමාධ්‍යවේදීන් කණ්ඩායමක්ද නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින අතර එම ජනමධ්‍යවවේදීන් උතුරු සහ නැගෙනහිර පලාත්වල සංචාරය කරමින් එම පලාත්වල ජීවත්වන ද්‍රවිඩ ,මුස්ලීම් සහ සිංහල ඇතුළු ජනවර්ග මුහුණ දී සිටින ප්‍රශ්න සහ ඒ අයගේ අවශ්‍යතා පිළිබඳව කරුණු නිරීක්ෂණය කිරීමට  නියමිතය.

ඉන්දීය "රෝ" ඔත්තු සේවය ශ්‍රී ලංකාව ගැන අවධානයෙන්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉන්දීය "රෝ" ඔත්තු සේවය ශ්‍රී ලංකාව ගැන අවධානයෙන්..! | Lanka Newsweek