ඉන්දීය නාවික හමුදා නෞකාවක් ත්‍රීකුණාමල වරායට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පුහුණු සංචාරයක් සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව ඊයේ ත්‍රිකුණාමලය වරායට පැමිණ ඇති අතර නාවික හමුදාව සඳහන් කළේ, ලබන මස 03 වනදා දක්වා එම නෞකාව මෙරට රැඳී සිටින බවයි. ශ්‍රී ලංකා නාවික…
පුහුණු සංචාරයක් සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව ඊයේ ත්‍රිකුණාමලය වරායට පැමිණ ඇති අතර නාවික හමුදාව සඳහන් කළේ, ලබන මස 03 වනදා දක්වා එම නෞකාව මෙරට රැඳී සිටින බවයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළි ගැනීමෙන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී කමාන්ඩර් බී.කේ ප්‍රසාන්ත් හා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර සුහඳ හමුවක් ද පැවැති අතර නාවික හමුදාව පැවසුවේ, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරු කිරීමද සිදු වූ බවයි.
.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1