අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉන්දියාව අන්දන්න චීනයෙන් මහින්දට උපදෙස්..?

ඉන්දියාව අන්දන්න චීනයෙන් මහින්දට උපදෙස්..?

ඉන්දියාවේ යන්න කලින් චීන තානාපති හමුවෙලා..! (සුමුදු පෙරේරා) ඉන්දීය ජනතා පක්ෂයේ හිටපු සභාපති,වත්මන් ජ්‍යෙෂ්ඨ උපදේශක,ඉන්දීය ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික සහ ආර්ථික විද්‍යාඥ සුබ්‍රමනියන්ස්වාමි මහතාගේ නිල…

ඉන්දියාවේ යන්න කලින් චීන තානාපති හමුවෙලා..!

ඉන්දියාව අන්දන්න චීනයෙන් මහින්දට උපදෙස්..?

(සුමුදු පෙරේරා)

ඉන්දීය ජනතා පක්ෂයේ හිටපු සභාපති,වත්මන් ජ්‍යෙෂ්ඨ උපදේශක,ඉන්දීය ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික සහ ආර්ථික විද්‍යාඥ සුබ්‍රමනියන්ස්වාමි මහතාගේ නිල ආරාධනනයකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පුත් නාමල් රාජපක්ෂ මහතා සමග තෙදින නිල සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාව බලා පිටත්ව ගියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ඉන්දියාව බලා පිටත්ව ගියේ ඉන්දීය ජනතා පක්ෂයේ විශේෂ උත්සවයක් සඳහා සහභාගීවීමට වන අතර එහිදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ඇතුළු ඉන්දීය පාලක භාරතීය ජනතා පක්ෂයේ නායකයින් ද විපක්ෂයේ දේශපාලන නායකයින්ද හමුවීමට බලාපොරොත්තු වේ.

කෙසේ නමුත් ඉන්දියාවේ නිල සංචාරයේ යෙදීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ චීන තානාපති Cheng Xueyuan මහතා හමුවී විශේෂ සහ පෞද්ගලික මට්ටමේ රහස් සාකච්ඡාවක් කර ඇති අතර ඒ පිළිබඳව ඉන්දීය “රෝ” ඔත්තු සේවයේ විශේෂ අවධානය යොමු වී තිබේ.

කොළඹ විජේරාමේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී අද (10) පෙරවරුවේ සිදුව ඇති මේ හමුව පැයකට අධික කාලයක් ඇදී ගොස් තිබෙන අතර ඉන්දියාවට යන්න පෙර ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සමග කළ මේ සාකච්ඡාව කුමක් විය හැකි ද යන්න පිළිබඳව දේශපාලන කරළියේ සාකච්ඡාවට වගේම සැකයට ද බඳුන් වී තිබේ.

ඉන්දියාව අන්දන්න චීනයෙන් මහින්දට උපදෙස්..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉන්දියාව අන්දන්න චීනයෙන් මහින්දට උපදෙස්..? | Lanka Newsweek