අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 100ක් මරුට..!

ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 100ක් මරුට..!

විශාල පිරිසකට බරපතලයි..! ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිට්සාහිදි සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 100 කට අධික පිරිසක් මියගොස් තිබෙන බව විදේශ ප්‍රවෘත්ති සේවා සඳහන් කරයි. විදෙස් මාධ්‍ය වාර්තා…

විශාල පිරිසකට බරපතලයි..!

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිට්සාහිදි සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 100 කට අධික පිරිසක් මියගොස් තිබෙන බව විදේශ ප්‍රවෘත්ති සේවා සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හින්දු නව රාත්‍රි සමාප්ති උත්සවයට සහභාගී වෙමින් සිටි පිරිසක් දුම්රියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

මිය ගිය පිරිසෙන් ‍බොහෝ පිරිසක් දුම්රිය මාර්ගයේ රැඳී සිට ඇති අතර අනතුර සිදු වන විට හත්සියයකට ආසන්න පිරිසක් එලෙස දුම්රිය මාර්ගයේ රැඳී සිට ති‍බේ.

ප්‍රදේශයේ පැවති අධික රතිඤ්ඤා ශබ්දය හේතුවෙන් දුම්රිය පැමිණෙන හඬ නිසි පරිදි ශ්‍රවණය නොවිමෙන් බහුතර පිරිසක් අනතුරට මුහුණ පා ඇති බව ද  විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 100ක් මරුට..! | Lanka Newsweek