ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි කොටවන්න TNA කුමන්ත්‍රණය කරනවා

සමස්ත ලංකා හින්දු සම්මේලනය චෝදනා කරයි "සිය දේශපාලන අනාගතය අනතුරේ බව TNA දන්නවා" ඉන්දියාවට එරෙහි බොරු ප්‍රචාර රටේ යවන්නේ ඒ නිසයි (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා…
සමස්ත ලංකා හින්දු සම්මේලනය චෝදනා කරයි
"සිය දේශපාලන අනාගතය අනතුරේ බව TNA දන්නවා"
ඉන්දියාවට එරෙහි බොරු ප්‍රචාර රටේ යවන්නේ ඒ නිසයි
(සුජිත් මංගල ද සිල්වා)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාව අතර දේශපාලන වශයෙන් ගැටුම් ඇති කිරීමේ කුමන්ත්‍රණයක ද්‍රවිඩ ජාතික සන්ධානය යෙදී සිටින්නේ යැයි සමස්ත ලංකා හින්දු සම්මේලනය චෝදනා කර සිටියි.
ශ්‍රී ලංකාවේ ජීවත් වන ද්‍රවිඩ හින්දු භක්තිකයින්ගේ අයිතිවාසිකම්, අවශ්‍යතා, සුභසාධනය සහ ප්‍රශ්න වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ප්‍රධාන භාරතීය ජනතා පක්ෂය සිදු කරමින් සිටින මෙහෙවර සහ කරන මැදිහත් වීම හමුවේ සිය දේශපාලන පැවැත්ම සහ අනාගතය අර්බුදයකට යන බව ද්‍රවිඩ ජාතික සන්ධානය හොඳින්ම දන්නේ සමස්ත ලංකා හින්දු සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග පැවැසීය.
ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ ඉන්දීය විරෝධයක් ඇති කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ද්‍රවිඩ හින්දු භක්තිකයින් වෙනුවෙන් ගෙන යන වැඩ පිළිවෙළ කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක ද්‍රවිඩ ජාතික සන්ධානය යෙදී සිටින්නේ ඒ නිසා යැයි ද ඔහු චෝදනා කළේය.
භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බවට ඇතුළු ඉන්දියාව සම්බන්ධයෙන් රට පුරා යන අභූත සහ අසත්‍ය ප්‍රචාර පිටු පස සිටින්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය බව පෙන්වා දුන් සමස්ත ලංකා හින්දු සම්මේලනයේ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට හෝ සිය පක්ෂයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට භාරතීය ජනතා පක්ෂයට අවශ්‍යතාවක් නොමැති බවය.
