අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉන්දියාවට හිනා වෙනවට වඩා ඒ අයත් එක්ක කටයතු කරන්න..!

ඉන්දියාවට හිනා වෙනවට වඩා ඒ අයත් එක්ක කටයතු කරන්න..!

"පක්ෂ සම්මෙිලනයට ආණ්ඩුවටත් ආරාධනා " "කච්චතිව් ගැන ජනාධිපති කිවුව කතාව හොදයි" "සංචාරකයෝ ආවට වැඩක් නැ - ඩොලර් නැත්තම්" "රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය නිසා සම්මෙිලනය කල්යනවා" "එකට එක් උනෝත් ඔක්කොම…

"පක්ෂ සම්මෙිලනයට ආණ්ඩුවටත් ආරාධනා "

"කච්චතිව් ගැන ජනාධිපති කිවුව කතාව හොදයි"

"සංචාරකයෝ ආවට වැඩක් නැ - ඩොලර් නැත්තම්"

"රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය නිසා සම්මෙිලනය කල්යනවා"

"එකට එක් උනෝත් ඔක්කොම රැකෙයි"

අද (03) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් වර්තමාන දේශපාලන සහ ආර්ථික තත්වය පිළිබඳව අදහස් දක්වනු ලැබුවේය. 

අද ඉන්දියාව සමග තිබුන වෙලද ගිවිසුම් සමග කොහොමද කටයුතු කරන්නේ කියන එක ගත්තම අපට හොද  අවස්තාවක් තියෙනව කටයුතු කරන එකෙන්. විදුලි බල ඇමති කියනව සියලු දේම රජයේ දේවල් කියල කටයුතු කරනවා කියල. මෙික රජයේ කියල නැතුව මෙික ජනතාවගේ දෙයක් කියල කටයුතු කරානම් තමයි හරි මම කියන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලය කෙටුම් පත් කරාට මෙික තරගකාරි කරන්න ඔනි. Lmg ගත්තම ඇමරිකාව තමයි මෙි සම්බන්දව හොදින්ම ඉන්න කොම්පැනිය අපි ඒකේ යුනිට් එක ගෙනල්ල කටයුතු කරන එක තමයි අපි කරන්න ඔනි.

දැන්වීම

රේගුව ගත්තම සීවලි අරැග්ගොඩ මහත්තයත් ඒක හොදටම වැඩ කරන එක්කෙනෙක්  එයා ඒක හොදට කරයි කියල බලාපොරොත්තු වෙනවා.. මට තියන ප්‍රෂ්නෙ තමයි ෂැන්හයි කෝපරේෂන් එකට නොගිය එක. ඒක ආණ්ඩුවේ වැඩක් මම හිතන්නෙ. මෙි දේවල් එක්ක කටයුතු කෙරුවොත් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් වටපිටාව හැදෙන්නේ.    

ඉන්දියාව සමග ආර්ථිකය සංවර්ධනය කරන්න පුළුවන්නං ඒක තමයි අපි කරන්න ඔනි. ඒක තමයි සැබැ ගෝලිය කරනය කියන්නේ.ඒ පිලිබදව අපි කටයුත කරන්න ඔනි .

කච්චතිවු කියන්නේ අපේ දූපතක්. ඒ අයගේ දේශපාලන කටයුතු වලට කතා කිවුවට වැඩක් නැ. ජනාදිපති එහෙම කතාවක් කිවුව එක හොදයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න