අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ඉදිරි මාස හය ඇතුළත රජයෙන් ලොකු සහන මල්ලක්

ඉදිරි මාස හය ඇතුළත රජයෙන් ලොකු සහන මල්ලක්

මේ වර්ෂය අවසන් වීමට ප්‍රථම එනම් ඉදිරි මාස හය ඇතුළත ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා අංශ කිහිපයකින් සහන පැකේජයක් ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව විදුලි බිල ඉදිරි මාස දෙක ඇතුළත අඩු කරන අතර ඉදිරියේ දී…

මේ වර්ෂය අවසන් වීමට ප්‍රථම එනම් ඉදිරි මාස හය ඇතුළත ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා අංශ කිහිපයකින් සහන පැකේජයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.  

ඒ අනුව විදුලි බිල ඉදිරි  මාස දෙක ඇතුළත අඩු කරන අතර ඉදිරියේ දී ඉන්ධන මිල අවස්ථා දෙකක දී තව දුරටත් අඩු කිරීමට ද රජය තීරණය කර ඇත. 

ගෑස් මිල ගණන් තව දුරටත් අඩු කරන අතර අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාසිකව සහනාධාර මුදලක් ලබා දීම ජූනි මාසයේ සිට සිට ඇරඹීමට ද රජය පියවර ගනිමින් සිටියි. 

එක් පවුලකට රුපියල් 3000, 5000, 8000 සහ රුපියල් 15,000 බැගින් මුදලක් ජීවනෝපාය සංවර්ධනය සදහා ඔවුන්ගේ ගිණුම්වලටම බැර කිරීමට ද රජය තීරණය කර තිබෙන අතර ජනතාව ඉල්ලා සිටි බදු සහන ලබා දීමට ද රජය තීරණය කර ඇත. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න