අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉදිරි ජනපතිවරණ තරඟ කරන බව මෛත්‍රී-රනිල් කියති

ඉදිරි ජනපතිවරණ තරඟ කරන බව මෛත්‍රී-රනිල් කියති

මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමි තමා ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ අඟහරුවාදා (31) කොළඹ දී…

මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමි තමා ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ අඟහරුවාදා (31) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී වන අතරඑහිදී වැඩි දුරටත් අදහස දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

"මට මේ මොන වධ දුන්නත් ඉදිරි ජනාධිපතිවරණයේ මම මගේ පක්ෂයේ සහයෝගය අර ගෙන මට ඡන්ද කීයක් හම්බ වුණත් මට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසයක් උඩ මම ඉදිරි ජනාධිපතිවරණයට තරග කරනවා කියන එක බොහෝ ම පැහැදිලිව කියන්න ඕනේ.”

මේ අතර, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇති අතර ඔහු ඒ බව කියා සිටියේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉදිරි ජනපතිවරණ තරඟ කරන බව මෛත්‍රී-රනිල් කියති | Lanka Newsweek