“ඉතිහාසයේ අශිෂ්ඨතම ජනපතිවරයා මෛත්‍රීපාල සිරිසෙනයි”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

“මෛත්‍රී-රනිල්” හවුල ඒකාධිපති රාජපක්ෂ රෙජීමය සමග බල තණ්හාවෙන් දැම්ම “Political Deal” මෙන්න..! (උපුල් බණ්ඩාර) 2015 ජනවාරි 8 වැනිදා හැට දෙලක්ෂයකට අධික ජනකායක් ලබා දුන් ජන වරමින් නිරූපණය වන 19 වැනි…
“මෛත්‍රී-රනිල්” හවුල ඒකාධිපති රාජපක්ෂ රෙජීමය සමග බල තණ්හාවෙන් දැම්ම “Political Deal” මෙන්න..!
(උපුල් බණ්ඩාර)
2015 ජනවාරි 8 වැනිදා හැට දෙලක්ෂයකට අධික ජනකායක් ලබා දුන් ජන වරමින් නිරූපණය වන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුඛ්‍ය ජනතා පරමාධිපත්‍ය අමු අමුවේ උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අශිෂ්ඨතම ජනාධිපතිවරයා ලෙසට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතිහාස ගත වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයින් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමෙන් පසුව පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ස්ථිර කරමින් පාර්ලිමේන්තුවේදී සිකුරාදා (23) විශේෂ කතාවක් කරමිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැනුවත්ව උල්ලංඝණය කිරීම හෝ මානසික ආබාධ යන කාරණා දෙක මත ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ හැකි බව ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ යැයි පෙන්වා දුන් අනුර කුමාර දිසානායක මහතා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව එම දෝෂාභියෝගය ගෙන ආ යුත්තේ කිනම් කාරණය මත යැයි ද යන්න පිළිබඳව පසුව තීරණ කරන බව ද අවධාරණය කළේය.
මේ මොහොතේ රට මෙසේ අරාජික වී ජනතාව අන්ත අසරණ වී සිටින්නේ “මෛත්‍රී-රනිල්” හවුල සිය අනාගත බලය තහවුරු කර ගැනීම සඳහා ඒකාධිපති රාජපක්ෂ රෙජීමය සමග තරඟයට කළ හොර දේශපාලන ගනුදෙනු සහ කුමන්ත්‍රණ නිසා යැයි ද ඔහු හෙළි කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෛත්‍රීපාල සිරිසේන,රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ යටි බිම් ගත ඇත්ත දේශපාලන භාවිතය නිසා රට අරාජික වූ ආකාරය සමබන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ කතාව මෙසේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1