අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉක්මන් හා නිවැරදි තීරණ ගැනීමට උපකාරීවන වීඩියෝ ගේම් ක්‍රීඩාව..!

ඉක්මන් හා නිවැරදි තීරණ ගැනීමට උපකාරීවන වීඩියෝ ගේම් ක්‍රීඩාව..!

(සමීර වීරක්කොඩි) ඉක්මන් හා නිවැරදි තීරණ ගැනීමට උපකාරීවන වීඩියෝ ගේම් ක්‍රීඩාව.. වීඩියෝ ගේම් පිළිබදව පක්‍ෂව මෙන්ම විපක්‍ෂව අදහස් පළකරන පිරිසක් ද සිටියි. මෙයට විපක්‍ෂව අදහස් පළකරන්නන් ගේ අදහස වන්නේ…

(සමීර වීරක්කොඩි)

ඉක්මන් හා නිවැරදි තීරණ ගැනීමට උපකාරීවන වීඩියෝ ගේම් ක්‍රීඩාව..

වීඩියෝ ගේම් පිළිබදව පක්‍ෂව මෙන්ම විපක්‍ෂව අදහස් පළකරන පිරිසක් ද සිටියි. මෙයට විපක්‍ෂව අදහස් පළකරන්නන් ගේ අදහස වන්නේ වීඩියෝ ගේම්වලින් කාලය කා දැමීමක් සිදුවන බවයි.

දැන්වීම

නමුත් Current Biology ජර්නලයේ විද්‍යාඥයින් පිරිසක් සිදුකර ඇති පර්යේෂණයක ප‍්‍රතිඵල අනුව වීඩියෝ ගේම් ක‍්‍රීඩා කරන්නන්ගේ තීරණ ගැනීමේ හැකියාව සෙසු පුද්ගලයින්ට වඩා ඉක්මන් මෙන්ම වඩාත් නිවැරදි බව ඔප්පු වී තිබෙයි. Action Games වර්ගයට අයත් වන වීඩියෝ ගේම් ක‍්‍රීඩා කරන විට ක‍්‍රීඩකයාට ඉක්මන් තීරණ ගැනීමට සිදු වන අවස්ථා තිබෙයි.

අපගේ සිතෙහි ඇති තොරතුරු විධිමත්ව කළමණාකරණය කරගෙන අවශ්‍ය අවස්ථාවලදී ඒවා ක්‍ෂණිකව යොදා ගැනීමේ හැකියාවක් වීඩියෝ ගේම් ක‍්‍රීඩා කරන්නන්ට තිබෙන බව මොවුන් ප්‍රකාශ කරයි.

Minnesota  ඒ විශ්ව විද්‍යාලයේ Vision Lab මහාචාර්ය  C. Shawn Green සඳහන් කරන්නේ සැබෑ ලෝකයේ තොරතුරු වඩාත් හොඳින්     උකහා ගැනීම හා ඒවා තමන්ගේ කාර්යයන් සදහා වඩාත් ඵලදායී අන්දමින් යොදවා ගැනීමේ හැකියාවක් මෙවන් පුද්ගලයින්ට තිබෙන බවයි අතර   අලූත් දේවල් පහසුවෙන් ග‍්‍රහණය කරගැනීමේ හැකියාව ද මෙවන් පුද්ගලයින්ට තිබෙය. මේ සදහා පර්යේෂකයින් කණ්ඩායම් 02ක් පැය 50ක පමණ පරීක්‍ෂාවට ලක්කර තිබෙන අතර  එයින් එක් කණ්ඩායමකට පැය 50ක් සටන් සහිත strategy ආකාරයේ වීඩියෝ ගේම් එකක් ක‍්‍රීඩා කරන්නට සැලැස්වූ අතර අනෙක් කණ්ඩායමට shooter වර්ගයේ වීඞ්යෝ ගේම් එකක් ක‍්‍රීඩා කිරීමට සලස්වන ලදී.

පසුව ඔවුන්ට ගැටලූ කිහිපයක් ඉදිරිපත් කර තීරණ ගැනීමේ හැකියාව කිහිපවරක් පරීක්‍ෂා කර බලන විට  අනාවරණය වී ඇත්තේ  සටන් සහිත strategy ආකාරයේ වීඞ්යෝ ක‍්‍රීඩාවේ නිරත වූවන්ගේ තීරණ ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක තිබෙන බවයි.

ටොරෙන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය lan Spence සඳහන් කරන්නේ පෙනීම, ඇසීම, ගන්ධය හඳුනාගැනීම වැනි සංජානනික හැකියාවන් ද මෙවන් වීඩියෝ ගේම්වලින් අපට නොදැනී වර්ධනය වන බවයි. ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙවන් වීඞ්යෝ ක‍්‍රීඩා හමුදා නිළධාරීන් පුහුණු කිරීමට ද  අතීතයේදී යොදාගෙන තිබෙයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉක්මන් හා නිවැරදි තීරණ ගැනීමට උපකාරීවන වීඩියෝ ගේම් ක්‍රීඩාව..! | Lanka Newsweek