ඇසුරුම් කළ පොල්තෙල් පමණක් වෙළඳපොළට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පොල් වගා කිරීමේ මණ්ඩලය ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමට පවතින නීතිය බලාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මෙම නිතිය බලාත්මක කිරීමෙන් වෙළඳපොලේ දැනට විශාල වශයෙන් පවතින බාල තෙල් සැපයීම වලක්වා ගත හැකි බව එම…
පොල් වගා කිරීමේ මණ්ඩලය ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමට පවතින නීතිය බලාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
මෙම නිතිය බලාත්මක කිරීමෙන් වෙළඳපොලේ දැනට විශාල වශයෙන් පවතින බාල තෙල් සැපයීම වලක්වා ගත හැකි බව එම මණ්ඩලය පෙන්වා දෙයි.
පාරිභෝගික කටයුතු අධිකාරිය සමග මේ පිළිබඳව එකගතාවයකට පැමිණීමට කටයුතු කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසයි.
මේ පිළිබඳව පොල්තෙල් නිෂ්පාදකයින් දැනුවත් කිරීමට මෙම මණ්ඩලය කටයුතු යොදා ඇති අතර ඉදිරි මාස තුන ඇතුළත මෙම නිතිය බලාත්මක කරන බවද එම මණ්ඩලය ප්‍රකාශ කර සිටියි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1