අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඇල්ලේ සිදු වූ මාරක රිය අනතුර ගැන විපක්ෂ නායක සිය ශාතිය සංවේගය පළ කරයි

ඇල්ලේ සිදු වූ මාරක රිය අනතුර ගැන විපක්ෂ නායක සිය ශාතිය සංවේගය පළ කරයි

ඇල්ල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී අවාසනාවන්ත ලෙස සිදු වූ මාරක බස් රථ අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු සියලු ම දෙනාට අප නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය…

ඇල්ල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී අවාසනාවන්ත ලෙස සිදු වූ මාරක බස් රථ අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු සියලු ම දෙනාට අප නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටින්නෙමු.

ඒ අතර ම මෙම අවාසනාවන්ත සිදුවීමත් සමඟ බස් රථයේ ගමන් කළ පිරිසගේ ජීවිත බේරා ගැනීමට කඩිනමින් ක්‍රියාත්මක වූ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවලටත්, මුදා ගැනීමේ කණ්ඩායම්වලටත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටත්, ඇල්ල ප්‍රදේශයේ ජනතාවටත් අපගේ ගෞරවය සහ කෘතවේදීත්වය පළ කර සිටින්නෙමු.

විපතේ දී අනෙකාට උදව් කිරීමේ අප සතු උතුම් ගුණාංගය යළි, යළිත් පසක් කළ අවස්ථාවක් ලෙස මම මෙය දකිමි. මෙම ඛේදවාචකයෙන් මියගිය සහ තුවාල ලැබූ සහ විපතට පත් වූ පවුල්වල සාමාජිකයින්, ඔවුන්ගේ ඥාතීන් සහ තංගල්ල නගර සභාවේ සියලු ම දෙනා සමඟ මෙම ශෝකාකූල අවස්ථාවේ දුක බෙදා ගැනීමට සියලු ශ්‍රී ලාංකික ජනතාව එක්වන බව මාගේ විශ්වාසය යි.

දැන්වීම

මෙවැනි අවාසනාවන්ත රිය අනතුරු රැසක් මේ වසරේ ගෙවුණු කාලසීමාවේ අපට අසන්නට ලැබුණු අතර, එවැනි සිදුවීම් අවම කරගැනීමට ගත හැකි සියලු පියවරයන් සහ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් අප සියලු දෙනා සුදානම් බව ද මේ අවස්ථාවේ අවධාරණය කරන්නෙමු.

අවසාන වශයෙන් යළිත් මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය සියලු දෙනාට නිවන්සුව ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

සජිත් ප්‍රේමදාස

-විපක්ෂ නායක-

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඇල්ලේ සිදු වූ මාරක රිය අනතුර ගැන විපක්ෂ නායක සිය ශාතිය සංවේගය පළ කරයි | Lanka Newsweek