අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඇල්පිටියේ පාලමක් යට කාන්තා මල සිරුරක්

ඇල්පිටියේ පාලමක් යට කාන්තා මල සිරුරක්

(ජයකාන්ත ලියනගේ - බළපිටිය) ඇල්පිටිය, ඇත්කදුරේ පොල්කද පාලම යට තිබු කාන්තා මල සිරුරක් ඇල්පිටිය පොලීසිය සඳුදා (21) සවස සොයා ගෙන තිබේ. මෙම මලසිරුර ඇල්පිටිය, ඇල්ල, කළුගල්විල පදිංචි 72 හැවිරිදි අවිවාහක…

(ජයකාන්ත ලියනගේ  -  බළපිටිය)

ඇල්පිටිය, ඇත්කදුරේ පොල්කද පාලම යට තිබු කාන්තා මල සිරුරක් ඇල්පිටිය පොලීසිය සඳුදා (21) සවස සොයා ගෙන තිබේ.

මෙම මලසිරුර ඇල්පිටිය, ඇල්ල, කළුගල්විල පදිංචි 72 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට ප්‍රදේශවාසීන් හා මියගිය කාන්තාවගේ ඥාතීන් විසින් හදුනාගෙන තිබේ.

ඇත්කදුර, බටපොළ පාරේ පොල්කද පාලම යට නාදුනන මල සිරුරක් තිබෙන බවට ප්‍රදේශවාසීන් විසින් ඇල්පිටිය පොලීසියට කරන ලද දැනුම් දීමකට අනුව මලසිරුර සොයාගෙන තිබේ. පසුව ඇල්පිටිය පොලීසිය මල සිරුර පොලීසියේ භාරයට ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා ඇල්පිටිය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත. 

දැන්වීම

මෙම කාන්තාව දැනට දින කිහිපයක සිට ආගිය අතක් නොමැතිව සිටි බවට මියගිය අයගේ ඥාතීන් ප්‍රකාශ කරන බව ඇල්පිටිය පොලීසිය කියයි. මියගිය කාන්තාව මන්ද මානසික තත්ත්වයකින් පෙළෙන බවත් මෙම තත්ත්වය ඇයට වයස අවුරුදු 14 සිටම තිබී ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

ඇල්පිටිය පොලීසියේ විශේෂ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

ඇල්පිටියේ පාලමක් යට කාන්තා මල සිරුරක්
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න