ඇමරිකාව එක්ක අගමැති ද්වී-පාර්ශවික ගිවිසුමකට එළඹෙයි

අමෙරිකානු සාම ප්‍රජා ස්වේච්ඡා වැඩසටහන නැවත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සදහා නව ද්වි-පාර්ශ්වික ගිවිසුමකට අද (24) දින අරලියගහ මන්දිරයේදී අත්සන් කරන ලදී. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ…
අමෙරිකානු සාම ප්‍රජා ස්වේච්ඡා වැඩසටහන නැවත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සදහා නව ද්වි-පාර්ශ්වික ගිවිසුමකට අද (24) දින අරලියගහ මන්දිරයේදී අත්සන් කරන ලදී.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති අතුල් කෙෂප් යන මහත්වරු ඉදිරියේ දී එක්සත් ජනපද සාම හමුදාවේ වැඩබලන අධ්‍යක්ෂ ශීලා ක්‍රොවිලි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.
එම ගිවිසුම සදහා අත්සන් තබන අවස්ථාවට යෞවන කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.