අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඇමරිකාවේ තානාපති පුරප්පාඩුව නොපිරවීමෙන් ගැටලු රැසක්

ඇමරිකාවේ තානාපති පුරප්පාඩුව නොපිරවීමෙන් ගැටලු රැසක්

(රංජිත් ගුණවර්ධන) ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ නියෝජ්‍ය තානාපතිවරයා ශ්‍රී ලංකාවට මාරු කොට ඒවා මස කිහිපයක් ගත වි ඇතත් එම පුරප්පාඩු සදහා මෙතෙක් සුදුස්සන් පත් නොකිරීම නිසා…

(රංජිත් ගුණවර්ධන)

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ නියෝජ්‍ය  තානාපතිවරයා ශ්‍රී  ලංකාවට මාරු කොට ඒවා මස කිහිපයක් ගත වි ඇතත් එම පුරප්පාඩු සදහා මෙතෙක්  සුදුස්සන් පත් නොකිරීම නිසා රාජතාන්ත්‍රික වශයෙන් අර්බුධ ගණනාවක් පන නැගී තිබේ.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රසාද් කාරියවසම් මහතා පසුගිය අගෝස්තු මාසයේදී විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කර එහි නියෝජ්‍ය තානාපති ධුරය හෙබවූ මහාචාර්ය ගාමිණී කිරවැල්ල මහතා ද  කොළඹට කැඳවීමෙන් අනතුරුව ඇමරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සියලු වැඩ ආවරණ ආවරණය කරමින් සිටින්නේ කනිෂ්ඨ නිලධාරිනියක් විසිනි.

 ඇමරිකා එක්සත් ජනපදය  වැනි ප්‍රබල රටක තානාපතිවරයා සහ නියෝජ්‍ය තානාපතිවරය නොමැතිව මාස ගණනාවක් තානාපති කාර්යාලය මෙසේ  පවත්වා යාම විමතියට කරුණක් බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සදහන් කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඇමරිකාවේ තානාපති පුරප්පාඩුව නොපිරවීමෙන් ගැටලු රැසක් | Lanka Newsweek