ඇමරිකාවේ අලුත් බදුවලට ආණ්ඩුව සූදානම් ද..?

GSP+ සහනය වෙනුවෙන් ත්‍රස්ත පනත ගැන තීරණයක් ගත යුතුයි -රවී කරුණානායක අවධාරණය කරයි- පාර්ලිමේන්තුවේදී තමා ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව වෙත යොමු කළ ආර්ථිකමය වශයෙන් රටට වැදගත් වන ප්‍රශ්න දෙක සඳහා…
GSP+ සහනය වෙනුවෙන් ත්‍රස්ත පනත ගැන තීරණයක් ගත යුතුයි
-රවී කරුණානායක අවධාරණය කරයි-
පාර්ලිමේන්තුවේදී තමා ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව වෙත යොමු කළ ආර්ථිකමය වශයෙන් රටට වැදගත් වන ප්‍රශ්න දෙක සඳහා ප්‍රායෝගිකව පියවර ගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ක්‍රියාත්මක කිරීමට යන ප්‍රතිග්‍රෝලියකරණ වැඩ පිළිවෙළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ඍජුව බලපානු ඇතැයි ද, මෙරට ලක්ෂ දොළහක් පමණ වන තරුණ ප්‍රජාවක් සහ ප්‍රමුඛ ව්‍යාපාරිකයින් කොටසක් අමෙරිකාව ඉලක්ක කර ගනිමින් එම ක්ෂේත්‍රයේ නිරත වන්නේ යැයි ද ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයේ ප්‍රමුඛ නිෂ්පාදන වන ටයර් සහ මෙට්ට අපනයනය කරන්නේ ඇමරිකාවට බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ තීරු බදු ඇතුළු අනෙකුත් නව ආර්ථික ප්‍රතිපත්තිවලට මුහුණ දෙමින් අමෙරිකාව සමග ගනුදෙනු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කෙසේ ද කියා තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටින බවත් රවී කරුණානායක මහතා පවසයි.
දැන්වීම
එවැනි ගැටලු සාකච්ඡා මට්ටමින් විසඳා ගැනීමට කටයුතු කරන බව ආණ්ඩුව පැවසුව ද අමෙරිකාවෙන් හිමි වන පිළිතුර සඳහා පූර්ව වශයෙන් සූදානම් වී සිටිය යුතු බව ද, ආර්ථික අසීරුතා මග හරවා යළි නැගී සිටීමට උත්සහ දරන රටක් ලෙස ශ්‍රී ලංකාව නව උපාය මාර්ග ඔස්සේ කටයුතු කළ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙහිදී පෙන්වා දෙයි.
එමෙන්ම 2015 වසරේ පැවැති එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයේ ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති වත්මන් රජය ක්‍රියාත්මක කරමින් පවත්වා ගෙන යාම අගය කරන නමුත් අත්‍යවශ්‍ය වන්නේ නව රජයේ ඉදිරි දැක්ම කුමක් ද යන්න පිළිබඳව රට-ජනතාව දැනුම්වත් කිරීම බව ද ඔහු කියා සිටියි.
GSP ප්ලස් තීරු බදු සහනය සහනය තව දුරටත් අඛණ්ඩව පවත්වා ගෙන යාමට නම් රජය විසින් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු පියවර කිහිපයක් පවතින බව පෙන්වා දෙන එකසත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේදී යුරෝපා හවුල සමග අපනයන සිදු කිරීමේදී අවම තීරු බදු මුදල 23% ක වැනි අඩු මට්ටමකට ගෙන ඒමට හැකිවූ බව ද පවසයි.
මේ වන විට එහි ඉදිරි පැවැත්ම දෙදරීමකට ලක්ව ඇති බැවින් රජය යුරෝපා හවුලේ යෝජනාව පරිදි වහාම වර්තමානයේ ක්‍රියාතමක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට හෝ විකල්පයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බව ද ඔහු කියා සිටියි.
GSP ප්ලස් තීරු බදු සහනය ලබා ගැනීම සඳහා එකඟ වූ කරුණු නිවැරදිව ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක් බව ද, 2028 වන විට රජය යුරෝපා කොමිසමට පිළිතුරක් ලබා දිය යුතු බව ද, මේ වන විටත් එම නියෝජිතයන් පැමිණ සාකච්ඡා පවත් වන බැවින් රජය ඒ සඳහා නිවැරදි පිළිතුරක් ලබා දිය යුතු බව ද රවී කරුණානායක මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.