ඇමරිකාවට උත්තර දෙන්න ගෝඨා සුදානම්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

නීතිවේදීන්-තානාපති නිලධාරීන් සීරුවෙන්..! අලි සබ්රි පෙරමුණ ගනී-ගාමිණී මාරපනත් ඒ අතර..! (සුජිත් මංගල ද සිල්වා) සිය ඇමරිකානු පුරවැසිභාවයෙන් තමා නිදහස් නොකිරීමට ඇමරිකා එක්සත් ජනපදය අවසාන මොහොතේදී පියවර…
නීතිවේදීන්-තානාපති නිලධාරීන් සීරුවෙන්..!
අලි සබ්රි පෙරමුණ ගනී-ගාමිණී මාරපනත් ඒ අතර..!
(සුජිත් මංගල ද සිල්වා)
සිය ඇමරිකානු පුරවැසිභාවයෙන් තමා නිදහස් නොකිරීමට ඇමරිකා එක්සත් ජනපදය අවසාන මොහොතේදී පියවර ගත හොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර තිබේ.
එවැනි වාතාවරණයක් අවසාන මොහොතේ උදා වුණොත් ඊට අදාළව ගත හැකි නීතිමය,රාජ්‍ය තාන්ත්‍රික සහ මානව හිමිකම් ක්‍රියා මාර්ග පිළිබඳව ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ප්‍රධාන ජ්‍යෙෂ්ඨ නීතීඥ මණ්ඩලයක් මේ වන විටත් කරුණු සොයා බලමින් සිටියි.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාගේ සොහොයුරා වන ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා ද මේ කරුණු කාරණා සම්බන්ධයෙන් වගේම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු කරුණු කාරණා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ දිනවල උපදෙස් ලබා දෙමින් සිටියි.
ඊට අමතර ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යම් අනවබෝධයක,වැරදි මතයක සහ වැරදි තක්සේරුවක සිටිනවා නම් ඒ තත්ත්වය මඟ හැරවීම සඳහා මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිටී ඒ අයට හිතවත් දේශීය සහ විදේශීය තානාපති අංශ නිලධාරීහූ පිරිසක් ද මේ වන විට ක්‍රියා කරමින් සිටිති.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව් දෙනෙකුගෙන් යුතු විශේෂ විමර්ශන කණ්ඩායමක් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඒ සම්බන්ධයෙන් ද ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයේ විශේෂ අවධානය යොමුව තිබේ.
මේ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ සිය ඇමරිකානු පුරවැසිභාවයෙන් තමා නිදහස් කරන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අයදුම්පත්‍රයට අදාළව ක්‍රියා මාර්ග ගැනීම සඳහා අවශ්‍ය කරුණු සොයා බැලීමටය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
