ඇමරිකානු න්‍යෂ්ටික බලධාරීන්ගෙන් ට්‍රම්ප්ට විරෝධය

(සුජිත් මංගල ද සිල්වා) න්‍යෂ්ටික අවි ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ඕනෑම නීති විරෝධී නියෝගයකට එරෙහි වන්නේ යැයි බව ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ න්‍යෂ්ටික ආඥාපතිවරයා අවධාරණය කර සිටියි. ඇමෙරිකානු උපාය…
(සුජිත් මංගල ද සිල්වා)
න්‍යෂ්ටික අවි ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ඕනෑම නීති විරෝධී නියෝගයකට එරෙහි වන්නේ යැයි බව ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ න්‍යෂ්ටික ආඥාපතිවරයා අවධාරණය කර සිටියි.
ඇමෙරිකානු උපාය මාර්ගික අණදෙන නිලධාරි ලෙස තමා මේ කරුණු කරණා සම්බන්ධයෙන් ජනාධිපතිට උපදෙස් ලබා දුන් අතර නීතිමය විකල්පයක් සොයාගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව එරට ගුවන් හමුදාපති ජනරාල් ජෝන් හයිටන් මහතා පැවසීය.
දැන්වීම
ඔහු මේ අදහස් දැක්වුයේ න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට ජනාධිපතිවරයාට තිබෙන අධිකාරිය සම්බන්ධයෙන් ඇමරිකානු සෙනට් සභිකයින් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමෙන් පසුවය.
ඇතැම් අයගේ ස්ථාවරය වී තිබෙන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බොහෝ විට මෙවැනි විරෝධතා නොතකා උතුරු කොරියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාර සම්බන්ධයෙන් වගකීමකින් තොර නියෝගයක් ලබා දෙනු ඇති බවය.
උතුරු කොරියාව තවදුරටත් ඇමරිකාවට තර්ජනය කළොත් සිය පරමාණුක අවි වැඩ සටහන ලෝකය එරට මත නොනවත්වා ප්‍රසාරණය කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අගෝස්තු මාසයේදී පවසා තිබිණ.එසේ වුණොත් ලෝකය කවදාවත් දැක නැති තරමට උතුරු කොරියාව මත ගින්න සහ ක්‍රෝධය ව්‍යාප්ත කරන බවට ද ඔහු ප්‍රතිඤා දුන්නේය.
ඇමරිකා එක්සත් ජනපදය "ලෝක යුද්ධ තුනක මාවතකට" යොමු කිරීම සම්බන්ධයෙන් එරට සෙනෙට් විදේශ සම්බන්ධතා කමිටුවේ රිපබ්ලිකන් සභාපති Senator Bob Corker පසුගිය මාසයේදී ඩොනල්ඩ් ට්‍රුම්ප්ට චෝදනා කළේය.